නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපාන අයහපත් කාළගුණික තත්වයන් මත වලපනේ වලපට්ටාව ප්‍රදේශයේ සිදුවු නාය යාමක් හේතුවෙන් නුවරඑළිය හගුරන්කෙත මාර්ගය වසා දැමිමට පියවර ගත් බව නුවරඑළිය ආපදා කළමණාකාර මධ්‍යස්ථානටය් සහාකාර අධ්‍යක්ෂක එස්. ජේ. පෙරේරා මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුණු දැක්වු පෙරේරා මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රිකයේ සමහර ප්‍රදේශයන්ට මේ වන විට තද වැසි පවතින බවත් මෙම වැසි තත්වයන් හේතුවෙන් වලපනේ, කදපොල, වැනි ප්‍රදේශවලද විටින් විට මාර්ග ජලයෙන් යටවන බවත්ය.
මෙසේ පවතින වැසි හේතුවෙන් 19වන දින සවස් කාලයේ වලපනේ වලපට්ටාව ප්‍රදේශයේ සිදුවු නාය යාම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිම අනතුරුදායක බැවින් එම මාර්ගය මුලුමනින්ම වසා දැමිමට පියවර ගෙන ඇති බවද පෙරේරා මහතා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්