palathpalana

පළාත් පාලන ආයතන 341ක නිල කාලය එළඹෙන 19 වනදායින් අනතුරුව කොමසාරිස් පාලනයකට යටත් කිරීමට නියමිතයි.

පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් පාලනයකට යටත් කිරීමෙන් අනතුරුව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් දැනුවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ආණ්ඩුකාරවරු සමඟ පැවති සාකච්ඡාවකදී විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම දැනුවත් කිරීම සිදු කර තිබුණා.

ඒ අනුව, මහනගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන්ට සහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල පාලනය එහි ලේකම්වරු යටතට පත්වන බව සඳහන්.

Similar Posts