ප්‍රථම වතාවට බිලියනයක් අනතුරේ හෙළන තවත් වසංගතයක් – වෛද්‍ය පිලිප්

ගෝලීය වශයෙන් කොළරා රෝගීන්ගේ වැඩිවීමක් සිදු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානය අනතුරු අඟවා ඇත්තේ, ඒ හේතුවෙන් රටවල් 43ක බිලියනයක ජනතාව අවදානමට ලක් වී ඇති බව ය.

මෙම සතියේ පමණක් රටවල් තුනකට කොළරා රෝගය පැතිර ගොස් ඇති බව එම සංවිධානය පෙන්වා දී ඇත.

ප්‍රථම වතාවට, ලෝක සෞඛ්‍ය සංවිධානය, එම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ආධාර කරන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළරා වසංගතය පිළිබඳව කටයුතු කරන කණ්ඩායමේ නායක වෛද්‍ය පිලිප් බාර්බෝසා මේ පිළිබඳව පැවසීය.

ඔහු ප්‍රකාශ කර සිටියේ, අපිරිසිදු ආහාර හෝ ජලය භාවිත කිරීම නිසා ඇති වන මෙම රෝගයට එරෙහිව මේ වන විට ලොව පුරා රටවල් 22ක් සටන් කරමින් සිටින බව ය.

මේ අතර ලොව පුරා, හයිටි, ඉන්දියාව, පකිස්තානය, පිලිපීනය සහ සිරියාව වැනි රටවල ජනතාව ද මෙම රෝගයට ගොදුරු වෙමින් පීඩාවට පත්වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත.

Related posts