පාර්ලිමේන්තුවෙන් ලැබෙන වැටුප හා සියළුම දිමනා ජනතාවගේ සුභ සාදනයට – කේ. කේ. පියදාස

මේ ප්‍රදේශයේ ජනතාව ඔවුන්ගේ වටිනා ඡන්දයෙන් මාව පාර්ලීමේන්තුවට පත් කලහොත් මට පාර්ලිමේන්තුවෙන් ලැබෙන වැටුප හා සියළුම දිමනා මේ ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාදනය සදහා යෙදවිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි.
හැටන්හි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් අදහස් දැක්වු කේ. කේ. පියදාස මහතා මම පාර්ලීමේන්තුවට යන්නේ මේ ප්‍රදේශයේ ජනතාවට යම් සේවයක් කිරිමට මිස මංත්‍රි පදවිය තුලින් හබ්බකරන්න නොවෙයි එම නිසා මේ ජනතාව ඔවුන්ගේ වටිනා ඡන්දය බාවිතා කර මාව පාර්ලීමේන්තුවට යැවිමට පියවර ගතහෝත් පාර්ලීමේන්තුවෙන් මට ලැබෙන වැටුප ඇතුළු සියලුම දිමනා මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබ සාධන කටයුතු වෙනුවෙන් වැය කිරිමට පියවර ගන්නවා.
පසු ගිය කාලයේදි මම පාර්ලීමේන්තු මංත්‍රිවරයකු ලෙස කටයුතු කල විටදිද මට ලැබුන වැටුප හා දිමනා මම වැය කලේ මේ ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් එයින් වැඩි මුදලක් වැය කරන ලද්දේ මේ ප්‍රදේශයේ අහිංසක ජනතාවගේ යම් අයකු මිය ගිය විට එම අයට අවශ්‍ය මිනි පෙට්ටි ලබා ගැනිම සදහායි.
එම තත්වයන් මේ ප්‍රදේශයේ බොහෝ දෙනකු දන්නා දෙයක් අද මෙම මැතිවරණය සදහා පක්ෂ හා ස්වාධිණ කණ්ඩායම් 28කින් අපේක්ෂකයන් 308 දෙනකු තරග කරනවා මේ කිසිම අයකු සමග මගේ තරහක්වත් වෛරයක්වත් නැහැ මම කිසිවෙක් විවේචකය කරන්න යන්නෙත් නැහැ මට අවශ්‍ය මේ ජනතාවට යම් සේවයක් කිරිමටයි.
මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රශ්න රාශියක් පවතිනවා රැකියා ප්‍රශ්ණ, ඉඩම් ප්‍රශ්ණ, තම දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්ණ, ඇතුළු විවිධ ප්‍රශ්ණ පවතිනවා මේ සදහා විසදුම් ලබා දිමටත් පියවර ගත යුතුයි මෙම ප්‍රදේශයේ පවතින රැකියා ප්‍රශණය විසදිම සදහා මෙම දිස්ත්‍රික්කයේ විවිධ කර්මාණ්ත ශාලා ඇති කිරිමට පියවර ගත යුතුයි.
එමෙන්ම විදුහල්වල පවතින විවිධ අඩු පාඩු සකස්කර දි ඒ තුලින් මෙම ප්‍රදේශයේ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා ගැනිමට හැකිවන පරිසරයක් සකස් කල යුතුයි එමෙන්ම විවිධ වෘත්තිය පුහුණු ලබා දිම සදහා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ඇති කල යුතුයි ඒ සදහා අවශ්‍ය සැලසුම් මා විසින් මේ වන විට සකස් කර අවසන්.
එම සැලසුම් ක්‍රියාත්මක කිරිම සදහා ඔබලාගේ වටිනා ඡන්දය මා වෙත ලබා දෙන ලෙස මේ දිස්ත්‍රික්කයේ සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….