පෙයාස් අලෙවි කරන්න නිසි වැඩ­පි­ළි­වෙ­ළක් දෙන්න – පෙයාස් වගා­ක­රුවෝ බල­ධා­රී­න්ගෙන් ඉල්ලති

තමන් වගා කර ඇති පෙයාස් වගා අස්වනු මිලට ගැනීම සඳහා පැමි­ණෙන වෙළෙ­ඳුන්ගේ අඩු­වී­මක් හේතු­වෙන් තම පෙයාස් අස්ව­නු­ව­ලට නිසි මිලක් ලබා­ගත නොහැකි තත්ත්ව­යක් මත තමන් දැඩි අප­හ­සු­තා­වට පත්ව ඇතැයි ඌව පර­ණ­ගම ලකී ලෑන්ඩ්, ගොම්ම­ලි­කන්ද පෙයාස් වගා­ක­රුවෝ පව­සති. පෙයාස් වගාව සඳහා උචිත පාරි­ස­රික තත්ත්ව­යක් පව­තින ඌව පර­ණ­ගම ලකී­ලෑන්ඩ් ගොම්ම­ලි­කන්ද ප්‍රදේ­ශයේ පවුල් විශාල ප්‍රමා­ණ­යක් පෙයාස් වගාවේ නියැ­ළෙන බවත්, මෙවර වගා කන්නයේ අස්වනු නෙළීම මේ වන විට ආරම්භ කර ඇති නමුත් එම අස්වනු මිල දී ගැනීම සඳහා පැමි­ණෙන වෙළෙ­ඳුන්ගේ ප්‍රමා­ණය පෙර වර්ෂ­ව­ලට වඩා අඩු වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

ඌව පර­ණ­ගම ලකී ලෑන්ඩ් ගොම්ම­ලි­කන්ද ප්‍රදේ­ශයේ පෙයාස් වගා­ක­රු­වකු වන සරත් කුමාර වීර­සේ­කර මහතා මෙසේ පැව­සීය.

“අපේ ගම්මා­න­වල රහං­ගල පෙයාස් ඉතා­මත් සරු­වට වැවෙ­නවා. අතී­තයේ අපේ ප්‍රදේ­ශ­ය­ටම ආවේ­ණික ගොම්ම­ලි­කන්ද නමින් පෙයාස් ප්‍රභේ­ද­යක් තිබුණා. නමුත් එහි අස්වැන්න අඩුව ලැබුණේ. එනිසා කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව විසින් වැඩි සරු අස්වැ­න්නක් ලැබෙන රහං­ගල නම් පෙයාස් ප්‍රභේද අපිට හඳුන්වා දුන්නා. ඉන්පසු අපේ ප්‍රදේ­ශය පෙයාස් ගම්මා­න­යක් හැටි­යට තමයි ක්‍රියා­ත්මක වෙන්නේ. මේ ගමේ පවුල් විශාල ප්‍රමා­ණ­යක් පෙයාස් වගාව සිදු කර­නවා. වර්ෂයේ එක් කාල­යක් තමයි පෙයාස් අස්වනු හොඳින් ලැබෙන්නේ. මේ වන විට පෙයාස් අස්වනු නෙළීම ආරම්භ වෙලා තියෙන්නේ. අපේ අස්වනු මිල දී ගන්න නුව­ර­එ­ළිය ඇතුළු පිට පළා­ත්වල වෙළෙ­ඳුන් තමයි එන්නේ. ඒත් පෙර වර්ෂ­ව­ලට වඩා මේ වර්ෂයේ අස්වනු මිලට ගන්න එන වෙළෙ­ඳුන්ගේ ප්‍රමා­ණය අඩුයි. ඒ නිසා ඔවුන් අපේ අස්වනු ඉල්ලන්නේ අඩු­වට. වර්ෂ­ය­කට එක් වතා­වයි අපි අස්වනු නෙළන්නේ. ඒ අස්ව­නුත් අඩු­වෙන් දීලා අපිට ආදා­ය­මක් ලබන්න බැහැ. අපෙන් අඩු­වට ගත්තත් අපි දකි­නවා නග­ර­යට ගියාම ඉහළ මිල­කට මේ පෙයාස් පාරි­භෝ­ගි­ක­යන්ට අලෙවි කර­නවා. ඒ නිසා අපි බල­ධා­රි­න්ගෙන් ඉල්ලන්නේ මේ අපේ පෙයාස් නිසි මිල­කට අලෙවි කර­ග­න්නත්, පාරි­භෝ­ගි­ක­යන්ට සාධා­රණ මිල­කට පෙයාස් මිල දී ගැනී­ම­ටත් යම් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කරන්න කියලා.”

පෙයාස් ගොවි­යකු වන සුමිත්‍රා මහ­ත්මිය මෙසේ කීවාය.

“වර්ෂය පුරා අපි මේ පෙයාස් ගස් නඩත්තු කර­ගන්න ඕනි. මේ අස්වැන්න ලැබෙ­න­කන් තමයි අපි බලා­ගෙන ඉන්නේ අපේ පවු­ල්වල ආර්ථි­කය ශක්ති­මත් කර­ගන්න. දැන් මේ වෙළෙන්දෝ එන්නේ නැති නිසාත්, නිසි මිලක් නොලැ­බීම නිසාත් ගස්ව­ලම පෙයාස් අස්වනු කුණු වෙලා ගස් යට වැටිලා. පෙර වර්ෂයේ නම් අපිට හොඳ මිලක් තිබුණා. මේ වන විට අපේ පෙයාස් අස්වනු කිලෝ­වක් පිට පළා­ත්ව­ලින් එන වෙළෙ­ඳුන් ඉල්ලන්නේ රු. හය හත්සී­ය­කට. ඒ ගාණට දීලා අපිට වැඩක් නැහැ. රු. 900ක වත් මිලක් ලැබෙ­නවා නම් අපිට සහ­න­යක්. අපෙන් අඩු­වට ඉල්ලු­වත් අපි වෙළෙ­ඳ­පොළේ දකි­නවා කිලෝ­වක් එක්ද­හස් පන්සී­යත්, දෙද­හ­සක් අතර මිල­කට පෙයාස් අලෙවි වෙනවා. වස විස නැති පල­තු­රක් හැටි­යට පෙයාස් මිලට ගන්න ඇතැම් පාරි­භෝ­ගි­ක­යන් කැම­තියි. ඉතින් මේ පෙයාස් වගාව අපිට ඉදි­රි­ය­ටත් කර­ගෙන යන්න බල­ධා­රින් මැදි­හත් වෙන්න කිය­ලයි අපි ඉල්ලා සිටින්නේ.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….