මහවිලච්චියේ අඳෝනාව

wattakka

මෙවර යල් කන්නයේ නෙලාගත් වට්ටක්කා අස්වනු ඉන්ධන නොමැතිකම හේතුවෙන් අලෙවි කර ගැනිමට නොහැකිවි ඇතැයි මහවිලච්චිය ප්‍රදේශයේ ගොවිහු පවසති.

මහවිලච්චිය ගොවි ව්‍යාපාරයේ යාය 07,මන්නාරම් හන්දිය, යාය 03,දකුණු ඉවුර යන ප්‍රදේශවල පදිංචි ගොවිහු මෙවර යල්කන්නයේ අක්කර 600 කට ආසන්න භුමි ප්‍රමාණයක වට්ටක්කා වගා කොට තිබේ.

එහෙත් එම වගාවෙන් නෙලාගත් වට්ටක් අස්වැන්න වෙළෙඳපොළට රැගෙන යාමට ඉන්ධන නොමැතිකම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවද එම ගොවිහු පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු ඉවුර,පේමඩුව,පදිංචි ආර්.එම්.නන්දසේන(48) ගොවි මහතා මෙසේ පැවසිය.

‘අධික මිල ගනන් යටතේ පොහොර ලබාගෙන තමයි වට්ටක්කා වගාව සිදුකළේ. මේවන විට තඹුත්තේගම,දඹුල්ල ආර්ථික මධ්‍යථාන වල වට්ටක්කා සදහා ඉහළ මිලගනන් පවතිවා.කිලෝව රැපියල් 170 කට වගේ අලෙවි කරගන්න පුලුවන්.’රාජා’ වර්ගයේ වට්ටක්කා කිලෝවක් රැපියල් 170.00 කටත් අනෙක් එවා රැපියල් 150 කට හා 160 ක් වැනි මිලකටත් අලෙවිකර ගන්න පුළුන්.එහෙත් එවා වෙළදපලට රැගෙන යන්න වාහන වලට ඉන්ධන නැහැ’.

සමහර ව්‍යාපාරිකයන් වට්ටක්කා රැගෙන යන්න තම් ගම්වලට පැමිනෙන බවත් ඔවුන් එවා අඩු මිලට ඉල්ලන බවත් ගොවිහු චෝදනා කරති. එම නිසා තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනිම සදහා වෙළදපලට රැගෙන යාමට මැදිහත් වන ලෙස ඔවුහු බලධාරින් ගෙන් ඉල්ලා සිටිති.

ඵලදාව ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන ලබාදීමට එම ගොවීන්ට සහය වීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පැවසිය.

මේ පිළිබඳ තොරතුරු වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය වෙත යැවිමට පියවර ගන්නා බවද හෙතෙම වැඩි දුරටත් පැවසිය.

දයාරත්න ඇඹෝගම

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….