මාංශපේෂී දිය කර පැය 48 න් මරු කැඳවන බැක්ටීරියාවේ අලුත් කතාබහ

කොරෝනාවලටත් වඩා දරුණු විය හැකි මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියාවක් ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව වාර්තා වෙයි.මෙම බැක්ටිරියාවෙන් ශරීරයේ මාංශපේෂී දිය කිරීම සිදු කරයි.

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය වාර්තා වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇති බවයි ජපන් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.මෙම බැක්ටීරියාව කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවිය හැකි බැවින් එය වළක්වා ගැනීමට එරට සෞඛ්‍ය අංශ මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි පැවසෙයි.

මෙම මාරාන්තික බැක්ටීරියාව දරුණු ලෙස මිනිස් සිරුරට ඇතුළු වුවහොත් පැය 48ක් ඇතුළත මිය යන බවයි විශේෂඥ වෛද්‍යවරු අවධාරණය කරයි.

මෙම රෝගයේ ලක්ෂණ වන්නේ උගුර තුවාල වීම, අතපය වේදනාව, අඩු රුධිර පීඩන තත්ත්වයක් ඇති වීම, සිරුරේ අවයව ක්‍රියාකාරීත්වය අඩපණවීම හා සිරුර ඉදිමීම ආදිය බවයි, වෛද්‍යවරු පවසන්නේ.

ජපාන සංචාරකයන් සැලකිය යුතු මට්ටමකින් මෙරට සංචාරය සඳහා පැමිණීමත් මෙරටින් එරටට පිරිස් යෑමත් ආදී කාරණා නිසා මෙම මාරාන්තික බැක්ටීරියාව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ ඇති බවයි, මෙරට සෞඛ්‍ය අංශ කියා සිටියි.

රට තුළ බරපතළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබීමත්, සෞඛ්‍ය අංශයේ කඩා වැටීමත් යන කාරණා සලකා බලන විට පැය හතළිස් අටකින් මියයා හැකි මෙවැනි බැක්ටීරියාවක් රටට ඇතුළු වීම වළක්වාලීමට සෞඛ්‍ය බලධාරීන් වහා පියවර ගත යුතුව ඇතැයි, වෛද්‍යවරු අනතුරු අඟවයි.

කෙසේවෙතත් තවමත්, මෙය ගෝලීය වසංගත තත්ත්වයකට පත්ව නොමැති බවයි, මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වමල් විජේසිංහ මහතා කියා සිටින්නේ.

ඒ නිසා ශ්‍රී ලංකාවේ අය මේ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ද ඒ මහතා කියා සිටිනවා.

මෙවැනි මාරාන්තික බැක්ටීරියාවක් ජපානයේ පැතිර ගියත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ තවමත් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ද වෛද්‍ය වමිල් විජේසිංහ මහතා අවධාරණය කරයි.

යම්කිසි ආකාරයකට මෙම බැක්ටීරියාව රටට ඇතුළු වුවත් ඒ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නිරන්තර අවදියෙන් සිටින බවද ඒ මහතා කියා සිටියේය .

ඒ නිසා ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ පැතිර ඇතැයි කියන මෙම බැක්ටීරියාව පිළිබඳ කිසිවකු අනියත බියක් ඇති කරගත යුතු නැතැයි යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාවරය බවද ඒ මහතා අවධාරණය කළේ ය .

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….