මාකඳුරේ මධුෂ්ට වෙඩි වැදුනාද? වෙඩි තිබ්බාද?

මාකඳුරේ මධුෂ් අනාවරණය කළ බව කියන තොරතුරකට අනුව දෙමටගොඩ, ඇපල් වත්තේ, ලක්ෂිත සෙවන මහල් නිවාස සංකිර්ණයේ සඟවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ගිය අවස්ථාවේ පාතාල සාමාජිකයින් පිරිසක් ඒල්ල කළ වෙඩි පහරකින් මාකඳුරේ මධුෂ් ඝාතනය වු බව පොලිසිය ප්‍රකාශ කර සිටියේ අද (20) අලුයමය.

ඝාතකයින් පැමිණි යතුරු පැදියක් හා ගිනි අවියක් සොයා ගැනීමටද කොළඹ අපරාධ කොට්ඨාශය සමත් වී තිබු අතර නිවාස සංකීර්ණයේ සඟවා තිබු හෙරොයින් කිලෝ 22 ක් සොයා ගත් බවද පොලිසිය ප්‍රකාශ කර තිබුණි.

උප්පැන්න සහතිකයට අනුව ඔහුගේ නම සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිතය. පදිංචිය කඹුරුපිටිය, ගතාර, සමරගිර ලිපිනයේය. මධුෂ් ලක්ෂිත කියු සැණින් රට්ටුන්ට ඔහුගේ වගතුගවත්, රූපකායවත් සිහියට නැඟෙන්නේ නැත.

ඒහෙත් මාකඳුරේ මධුෂ් යැයි පැවසුවහොත් නම් ඔහු ගැන නොදන්නා කෙනෙක් නැත. ඒ් ඔහු කාලයක් පුරා පාතාලයේ ගොඩ් පාදර් වු බැවිනි. කඹුරුපිටියේ උපන් මධුෂ් මාකඳුරේ මධුෂ් බවට පත් වුයේ මාකඳුරෙන් පෙළවහක් කරගෙන ඒහි බින්න බැස පාතාලයට සම්බන්ධ වීම නිසාය.

සිය මව හා සොහොයුරා අකාලයේ ඝාතනය වීමත් සමඟ  2006  වසරේ දී හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරයෙකු වු ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කිරිමෙන් පාතාලයට පය තැබු මාකඳුරේ මධුෂ් ඒතැන් සිට පාතාලයේ නායකයා වන්නට සිදු නොකළ දෙයක් නැත. ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් මෙහෙයවු ඔහු මෙරට දේශපාලඥයින් රැසකට දේශපාලන වේදිකාව තනා දෙන්නට කටයුතු කළ අයෙක් විය.

මෙරටින් පලා ගොස් ඒක්සත් ඒමීර් රාජ්‍යයේ ඩුබායි රැඳී සිටි මාකඳුරේ මධුෂ්ව ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුයේ 2019 පෙබරවාරි 05 වෙනිදාය. ඒ් ඔහු විසින් පැවැත්වු සාදයක් අතරතුරදීය. මෙරටින් කරන ලද ඉල්ලීම් වලට අනුව ඩුබායි රාජ්‍යයෙන් ඔහුව මෙරටට පිටුවහල් කිරිමට කටයුතු කළ අතර 2019 මැයි 05 දා මෙරටට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පැමිණි විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි.

ඒතැන් පටන් ඔහු වසර ඒක හමාරකට අධික කාලයක් සිටියේ රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. ඒහි සිටියදි පවා ඔහුව බැලීමට පොලිසියේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුම ගොස් තිබු අයුරු පහුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබුණි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මධුෂ්ව පහුගිය ඔක්තෝම්බර් 16 වෙනිදා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දුන්නේ වැඩිදුර විමර්ශන වලට බව පවසමිනි. ඒදිනම ඔහුගෙන් හෙළි වු තොරතුරක් මත යැයි පවසමින් රුපියල් කෝටි 10 ක පමණ හෙරොයින් තොගයක් කොටිකාවත්තෙන් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරින් සමත් වී තිබුණි.

කෙසේ නමුදු මාකඳුරේ මධුෂ් මෙලෙස ඝාතනය වීම පිලිබඳ ඇත්තේ ගැටලු රැසකි. ඔහු වසරකට වැඩි කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටියදි හෙළි කළ තොරතුරු මෙතෙක් අනාවරණය වුයේ නැත. ඔහු ඒහිදි ඔහු විසින් උදව් කළ, ඔහුගෙන් උදව් ගත්  විවිධ දේශපාලඥයින්ගේ, පොලිස් ප්‍රධානීන්ගේ නම් ප්‍රකාශ කර තිබුණද කිසිවිටෙකත් ඒ්වා හෙළිදරව් වුයේ නැත. ඒසේනම් ඔහු වසරකට අධික කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින්නට ඇත්තේ ගොලුවෙකු සේ විය හැකිය.

ඒසේ ගොලු වී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ කොට්ඨාශයට පහුගිය 16 දා භාර දීමත් සමඟ කථා කර ඇති බව පැහැදිලි වන්නේ ඔහු කොටිකාවත්තේ මත්ද්‍රව්‍ය තොගයක් පිලිබඳ තොරතුරක් ලබා දී ඇති බව පොලිසිය පැවසීම නිසාය. කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිමෙන් පසු ඔහු ගිරවෙකු මෙන් කථා කිරිමට පියවර ගෙන ඇති බව පෙනී යන්නේ අද උදෑසන ද ඔහු ලබා දුන් තොරතුරක් මත යැයි පවසා මත්ද්‍රව්‍ය වැටලීමකට පොලිසිය ගිය බැවිනි. නමුත් මෙහිදි අපරාධ කොට්ඨාශ නිලධාරීන් පාතාලයේ ගොඩ් පාදර් ලෙස සැලකූ මාකඳුරේ මධුෂ්ව ලක්ෂිත සෙවනට රැගෙන ගොස් ඇත්තේ අනාරක්ෂිතවය. මෙවන් පාතාලයෙකුට විරුද්ධ පාතාල පාර්ශවයේ තර්ජන ඇති බව ඔ්නෑම අයෙක් දනිති. ඒහෙත් පොලිසිය මෙහිදි මාකඳුරේ මධුෂ්ව ගෙන ගොස් ඇත්තේ අවදානම දැන දැනම ඔහුගේ ජිවිතේ අනතුරේ හෙළිමට බව පෙනී යයි.

පොලිසිය පවසන ආකාරයට ඔහුගෙන් වැදගත් තොරතුරු අනාවරණ වෙමින් තිබුණා නම් ඔහුගේ ජිවිතය ආරක්ෂා කර තවදුරටත් තොරතුරු හෙළිකර ගැනීමට තිබුණි. නමුත් ඒසේ වුයේ නැත.

ගත වු මාස හයක කාලය තුල පොලිසියේ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 06 කු ජිවිතක්ෂයට පත් වුයේද මෙලෙසමය. මේ හත් වෙනි ඝාතනය යැයි කීවාට වරදක් නැත. අපරාධකුරුවෙකු වුවත් ඔහුගේ ජිවිතය උදුරා ගැනීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත.

මාකඳුරේ මධුෂ් මෙලෙස ඝාතනය වීම නිසා ඔහු සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති ලිපි ගොනුව තවත් දින කිහිපයකින් වැසී යනු ඇත. ඒහිදි ඔහු අනාවරණය කළ මෙරට ඉහළ පෙළේ මැති ඇමතිවරුන්ගේ, පොලිස් ප්‍රධානීන්ගේද නම් වැසී යනු නොඅනුමානය.

ශානිකා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….