මුල මතක ජනපති

ranil

සියලුදෙනාගේම සහාය ගෙන රට පවතින අසීරු තත්ත්වයෙන් මුදාගැනීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ආචාර්ය අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නා හිමියන්  බැහැදුටු අවස්ථාවේය.

මේ අවස්ථාවේ සර්ව පාක්ෂික පාලනයකට සහාය නොදෙන දේශපාලනඥයන්ව ජනතාව ප්‍රතික්ෂේප කළ යුතු බව එහිදී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“මං මෙතන රටේ ජනාධිපති හැටියට. මෙතෙනට එන්න පුළුවන් වුණේ ඔබ වහන්සේ දුන්න අවවාද නිසා. නැත්තම් මං මෙතැන්ට එන්න වෙන්නේ රනිල් වික්‍රමසිංහ හැටියට. අගමැති තනතුර ගන්නාවාද නැද්ද හිටපු අවස්ථාවේ ඔබවහන්සේ කිව්වා, අනික් ඒවා පැත්තකට දාලා රට ගැන හිතලා භාරගන්න කියලා. එතැනින් තමයි මේ ගමන ආරම්භ වුණේ. අගමැති හැටියට මගේ යුතුකම තිබ්බේ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කරන්න. එදා රෑ මට කොච්චර පුද්ගලික හානි වුණත් මගේ පළවෙනි යුතුකම වුණේ අගමැති හැටියට මම දුන්න දිවුරුමත් අනුව මේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. මට අවස්ථාව ලැබුණා ඒ අමාරු දවස් කිහිපය තුළදී ඒ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. මොකද මම මේක අත ඇරලා ගියා නම් රටේ විශාල අවුලක් ඇතිවෙනවා. පුද්ගලික හානි පසුව විසඳිය හැකියි. රටට හානියක් වුණොත් ඒක විසඳන්න බැහැ. අපි මතක තියා ගන්න ඕනේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ජනතාවම ක්‍රියාකරන්නේ පාර්ලිමේන්තුව තුළයි. ජනාධිපතිතුමායි, අධිකරණය තුළයි. ගල් ගහලා ක්‍රියා කරන්නේ නැහැ. ගෙවල් පුච්චලා ක්‍රියා කරන්නේ නැහැ.විශේෂයෙන් ජනතාවට තර්ජනය කරලා විසඳන්න බැහැ. රටේ නීතිය සාමය ආරක්ෂා කරන්න ඕනේ. දැන් අපි යන්නේ අමාරු කාලයක. අපි සියලුදෙනාම එකතු වෙලා වැඩ කරනවානම් මේ රට ගොඩගන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකයි දැන් සර්ව පාක්ෂික පාලනයක් ඇති කරන්න ක්‍රියා කරන්නේ.”

මෙහිදී සභාව ඇමතූ මහාචාර්ය මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පෙන්වා දුන්නේ මේ අවස්ථාවේ සර්ව පාක්ෂික පාලනයකට සහාය නොදෙන දේශපාලනඥයන්ව ජනතාව ප්‍රතික්ෂේප කළ යුතු බවය.

“සර්ව පාක්ෂික ආණ්ඩුවකට යන්න ඔබතුමා බොහොම ලොකු කැමැත්තෙන් ඉන්නවා. අනුන්ගේ මතවලට ගරු කරන්න ඕනේ. අනුන්ගේ අදහස් ගන්නට ඕනේ. එහෙම ගත්තේ නැත්තම් කවුරුත් කියන්නේ වැඩේ වැරදුණාම අපි කිව්වා ඇහැව්වේ නෑනේ කියලා. ඒ නිසා ඔබතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවකට යෑම ඉතාම හොඳයි. මේ මොහොතේ අපි විශ්වාස කරනවා කවුරු හරි දේශපාලන නායකයෙක් මේකෙන් පස්සට යනවා. ඒ දේශපාලනඥයින්ව අපි මේ වෙලාවේ සමාජයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ජනතාවත් ප්‍රතික්ෂේප කරයි කියලා අපි හිතනවා. රට ගැන හිතනවානම්, රටේ අනාගතය අභිවෘද්ධිය ගැන හිතනවානම් මේ මොහොතේ සියලුම දේශපාලනඥයින් මේ සර්ව පාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්න ඕනේ.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….