ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාව ගෙවුණු දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම රට යහපත් මට්ටමට ළඟා වෙමින් තිබෙන මේ අවස්ථාවේ පවා උපවාසයේ යෙදෙමින් සමාජයට යහපත ප්‍රාර්ථනා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාමසාන් දින පණිවිඩයෙන් කියා සිටියි. ජනාධිපතිවරයාගේ රාමසාන් පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ. ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙතද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇති වේ. ආදියේ සිට පැවත එන මේ සද්සිරිත අනුගමනය කිරීමෙන් ජීවිතය දැහැමි කරගත හැකි බව ශුද්ධ වූ කුරානයේ පෙන්වා දී තිබේ. උපවාස සමයෙන් පසු ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පවතින අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා ළඟා වෙමින් පවතින කලකදීය. ගෙවුණු කාල දුෂ්කර ආගම් සීමාවන්හි දී පවා, වර්තමාන චාරිත්‍රානුකූලව උපවාසයේ යෙදෙමින් ඔබටත්, සමාජයටත් යහපත ප්‍රාර්ථනා කරයි.

More Stories

පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා
පොල් මුඩ්ඩ යනු සාමාන්‍යයෙන් අපතේ යන දෙයක් ලෙස නොසලකා එයින් අගය එකතු කළ නිෂ්පාදන රාශියක් නිර්මාණය කළ හැකිය. මේවා පරිසර හිතකාමි වීමට අමතරව නව රැකියා අවස්ථා ද උත්පාදනය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පාදනයක් කර ලංකාවේ ආර්ථිකයටත් විදේශ විනිමය රැගෙන ආ කාන්තාවක් පිළිබඳවයි මේ කතාව. ඇය නමින් නදීෂා මධුවන්ති ය. ඇයගේ කර්මාන්තශාලාව…

හරිත කර්මාන්ත
පරිසර හිතකාමි කර්මාන්ත නැතහොත් “හරිත” කර්මාන්ත යනු පරිසරයට අවම හානියක් වන පරිදි ක්‍රියාත්මක වන සහ පාරිසරික තිරසරත්වය ප්‍රවර්ධනය කරන ව්‍යාපාර වේ. වර්තමාන ගෝලීය අභියෝග හමුවේ විශේෂයෙන්ම දේශගුණික විපර්යාස සහ ස්වාභාවික සම්පත් ක්ෂය වීම පිළිබඳ ගැටලු වැඩි වශයෙන් මතුවීමත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙවින් වැදගත්ය. සාම්ප්‍රදායික කර්මාන්තවලින් සිදුවන කාබන් විමෝචනය, අපජලය බැහැර කිරීම සහ අනෙකුත්…

කිරිපිටි වෙනුවට මෝල්ට් එයි
වෙළෙඳපොළේ විකිණීමට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එනමුත් පිටි කිරි පානය පුරුද්දක් කර ගත් අයට උදෑසන අවදි වු සැනින් කිරි වීදුරුවක් පානය කළ යුතුමය. ඔවුන් එයින් බලාපොරොත්තු වන්නේ අමතර පෝෂණයක් ශරීරයට එක් කර ගැනීම සහ ප්‍රබෝධමත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලීනවය. මේ…

“Miss bakers” පියුමි
කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?
මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?
සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….