මුහුදෙන් ගොඩ බෑමේදී බොරතෙල් බැරල් 5000ක් අතුරුදන්

මුහුදේ සිට ගොඩබිමට බොරතෙල් පොම්ප කිරීමේදී බොරතෙල් බැරල් පන්දහසක් යළිත් අතුරුදහන් කිරීමේ සිද්ධියක් ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

මීට පෙර බොරතෙල් ගොඩබෑමේදී රුපියල් කෝටි ගණනක් වටිනා බොරතෙල් බැරල් 23786 ක් අතුරුදන් කිරීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශන අරඹා තිබියදී දෙවැනි වරට අතුරුදහන් වූ තෙල් තොගය මෙය වේ. බොරතෙල් වාෂ්ප කරන බහිරවයන්ගේ කල්ලිය පවසා ඇත්තේ මුහුදේ සිට බොර තෙල් ගොඩ බාන නළයේ කාන්දුවක් නිසා බොරතෙල් බැරල් 5000 ක් අඩු වී ඇති බවය.

කෙසේ නමුත් පෙර වතාවල මෙන් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් හා විශේෂ ඩ්‍රෝන කැමරා යවා පරීක්ෂා කිරීමේදී නළ පද්ධතියේ කිසිදු දෝෂයක් නැතැයි හෙළි වී ඇත. එසේ තිබියදී සැපයුම්කාර පෙට් කෙම් නමැති සමාගම අඩු ඉන්ධන බැරල් පන්දහටත් මුදල් අය කරගැනීමට සූදානම් වීමත් සමග එම මුදල් ගෙවීමට දූෂණයට එරෙහි නිලධාරීන් අකමැති වීමත් සමග දූෂිත නිලධාරීන්ගේ සැලසුම පිටට හෙළි වී ඇත.

‘‘ කලින් වතාවන් තුනකදී තෙල් ගොඩ බානකොට බැරල් දහස් ගණනක් අතුරුදහන් කරමින් කළ සොරකම ගැන සෙවීමට නීතිපති පවා උපදෙස් දී තිබියදී විගණකාධිපති වාර්තා සඟවමින් මේවා යටපත් කරන්න ඇතැම් නිලධාරීන් හා බලධාරීන් උත්සාහ කළා. දැනුත් තෙල් බැරල් හොරකම් කරලා හොර රහසේම මහජන මුදල් කාබාසිනියා කරන්න යන්නේ. පිරිපහදු කළමනාකරු වෙන්න බලාගෙන ඉන්න දූෂිත නිලධාරියකුද මෙම ජාවාරම් පසුපස ඉන්නවා කියලා කලිනුත් හෙළි වුණා. අල්ලස් කොමිසමට දෙනවා කිව්වා සී .අයි. ඩී එකට දෙනව කිව්වා. හැබැයි තාමත් සොරකම සිදුවෙනවා. සංස්ථාව වලපල්ලටම යවන්න තමයි මේ ජාවාරම්කරුවෝ හදන්නේ යැයි’’ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අරුණට පැවසීය.

බොරතෙල් බැරලයක තෙල් ලීටර් 159 ක් අඩංගුවේ.

එක් වරකට බොරතෙල් නැවක් ගොඩබෑමේදී අපතේ යා හැකි සම්මත ප්‍රමාණය තොගයෙන් බින්දුවයි දශම තුනක් (0.3) ලෙස සලකා තෙල් බැරල් 1800 ක් පන්නන ජාවාරමක් කාලයක් තිස්සේ සිදුවී ඇතැයි මීට පෙර අනාවරණය විය. එම මුදල ඉතිරි කර ගත හැකිනම් එක් තෙල් නැවකින් රුපියල් පන්කෝටි හැට දෙලක්ෂයකට අධික මුදලක් ඉතිරි කර ගත හැකි බව තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරූ අද්මිරාල් රවින්ද විජේගුණරත්න එවකට සොයාගෙන තිබූ අතර එම වංචාව නවත්වා ගත හැකිනම් ඉන්ධන ලීටරය රුපියල් පනහකින් අඩු කළ හැකි බවද හෙතෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී අනාවරණය කර තිබුණි. හොරකමට එරෙහිවූ ඔහුට අවසානයේ එම තනතුර අතහැර පාකිස්තාන තානාපති ධුරය භාර ගැනීමට සිදුවිය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….