මෙවර මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර හතරක් – කේ. කේ. පියදාස

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර හතරක් හිමිකර ගැනාමට උත්සහා කරන බව එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි.
පාර්ලීමේන්තු මැතිවරණය පිලිබදව හැටන් කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් සමග පැවති සකච්චාවකින් පසුව හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමන් මේ බව පැවසු පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මෙවර පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයට අපි ඡන්දය ඉල්ලන්නේ මෙම ප්‍රදේශයේ ජනතාවට හුරු පුරුදු අලියා ලකුණින් එම තත්වයන් මත මෙම ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් බොහෝ පිරිසක් මේ වන විට අප වටා එක් වෙමින් සිටිනවා.
පසු ගිය කාලයේදි විවිධ ප්‍රශ්ණ මත අපේ සමහර පාක්ෂිකයන් තම ඡන්දය දමන්න ඡන්ද පලට ගියේ නැහැ එත් මෙම මැතිවරණයේදි එම පිරිස් තම ඡන්දය නිසි ලෙස අපිට ලබා දෙන බව පවසමින් අප වටා එක් වෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආදායම් තත්වයන් වැඩි කිරිම සදහා අප සතුව යෝජනා රාශියක් පවතිනවා මෙහි සංචාරක ව්‍යාපාරය නගා සිටුවිම තුලින් මෙම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය වැඩි කිරිමටත් හැකියාව පවතිනවා එමෙන්ම මෙම ප්‍රදේශ තුල විවිධ ස්වයං රැකියා නිර්මාණය කර ඒ තුලින්ද මේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිමටත් සැලසුම් අප සතුව තිබෙනවා.
මෙසේ මෙහි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කල විට එම ජනතාවට තම දෙපයින් සිට ගැනිමට හැකි වනවා එසේ ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත්වු විට ඔවුන් තුල පවතින විවිධ ගැටලුවලට නිසි විසදුම් ලැබිම තුලින් ඔවුන්ට තම දරු පවුල් සමග සතුටින් සිටිමට හැකි වනවා.
මම නිරන්තරයෙන් උත්සහා කරන්නේ මෙම ප්‍රදේශවල ජිවත් වන අහිංසක ජනතාවගේ දියුණුව උදේසා මට කල හැක්කේ කුමක්ද එයට කල හැකි උපකාරය කුමක්ද යන්නයි පසු ගිය කාලය තුලදිද මට කල හැකි උදවු උපකාර මෙම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉටු කලා එය ඉදිරියටත් ගෙන යාමට මා නිරන්තරයෙන් පියවර ගන්නවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….