මොණරාගල ඓතිහාසික නඩු තීන්දුවට එරෙහි ඇපෑල නිශ්ප්‍රභයි

PAFFREL

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වන දින මොණරාගල මහාධිකරණය විසින් ලබාදෙන ලද නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරන ලද අභියාචනය  ඉවත්කරගැනින.

පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාවට තරඟකල එක් අපේක්ෂකයෙකු විසින් මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් හා සහාය සහිතව මෙම නඩුව ගොනුකර තිබුණි.

ඒ අනුව පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වන දින මොණරාගල පූර්වගාමී මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත්කල අතර අදාල මදුරුකැටිය කොට්ඨාශය ජයග්‍රහණය කල තරංග හර්ෂක දිසානායක යන සභිකයාගේ සභික ධුරය අහෝසි කර පරාජිත අපේක්ෂකයා වූ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ඩබ්.එම් සුනිල් ශාන්ත ධුරයට පත්කිරීමට නියෝග කරන ලදී.

එම තීන්දුව අභියෝගයට ලක්කරමින් වගඋත්තරකාර පෙත්සම්කරු විසින් ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇපෑල එම වගඋත්තරකාර පෙත්සම්කරුගේ නීතීඥවරයා විසින් ඉදිරියට පවත්වාගෙන නොයන බවට සඳහන් කිරීම හේතුවෙන් (ජූනි 07) දිනයේදී ඉවත්කරගැනීමට කටයුතු කරන ලදී.

මෙම නඩු තීන්දුව සුවිශේෂී හා ඓතිහාසික එකක් වනුයේ අනාගත මැතිවරණවලදී (පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ, ජනාධිපතිවරණ) ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීම් සිදුනොකිරීමට අපේක්ෂකයන්ට පෙළඹවීමක් ඇතිවීමයි. යම් හෙයකින් අල්ලස් ලබාදී සභිකයෙකු ලෙස පත්වුවද අගතියට පත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කරන පෙත්සමක් මගින් එම ධුරය අහෝසි කිරීම මෙන්ම ඊට අදාල දඬුවම් ලබාදීමට යොමුවීමටද මෙමගින් පූර්වාදර්ශ සපයනු ඇත.
එමෙන්ම නඩුකරය මගින් අපේක්ෂක වියදම් සීමාකිරීම හා නිදහස් හා සාධාරණ වටපිටාවක මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවය නැවත වරක් තහවුරු වී ඇත.
මෙම තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වන වගකීම ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර කඩිනමින් එම තීන්දු ක්‍රියාත්මක වනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

තවද මෙම නඩු තීන්දුව පූර්වාදර්ශ කරගනිමින් ඉදිරි මැතිවරණවලදීද මැතිවරණ දූෂණ වලට සම්බන්ධ පාර්ශවවලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පැෆ්රල් සංවිධානය කටයුතු කරනු ඇත.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ  – PAFFREL සංවිධානය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….