රටවැසියාද ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කල යුතුයි – නාමල්

බුද්ධි අංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය ශක්තිමත් කිරිම තුලින් මේ රට මෙන්ම රටවැසියාද ආරක්ෂා කර ගත හැකි බව ශ්‍රිලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලීමේන්තු මැතිවරනය සදහා තරග කරන අපේක්ෂයකන්ගේ ජය තහවුරු කිරිම සදහා හැටන් උත්සව ශාලාවකදි පැවති පාක්ෂික හමුවකදි මේ බව පැවසු නාමල් රාජපක්ෂ මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කර ගෙන බෞද්ධ සංස්කෘතිය, ද්‍රවිඩ සංස්කෘතිය, ඉස්ලාම් සංස්කෘතිය ආරක්ෂා කර ගන්න පුලුවන් පක්ෂයක් තමයි ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ අද මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවින්ගේ එලවළු ගොවින්ගේ අදෝනාවක් තියෙනවා එලවළු මිල අඩුවිම සම්බන්දයෙන් ගෝවියට වාසියක් නැති වෙනවා එලවළු මිල අඩු වුනත් එයින් පාරිභෝගිකයාට වාසියකුත් නැහැ.
මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කල යුතුයි හාල් මිල පාලනය කරන්නාසේම එලවළු ගොවියන්ද ආරක්ෂා කරන්නත් පියවර ගත යුතුයි ජනාධිපතිගෙන් අපි ඉල්ලන්නේ තානාපති කාර්යාල, ජාත්‍යන්ත්‍රර සංවිධාන ජාත්‍යන්ත්‍රර බුදුධි අංශ සමග කතා කරලා කටයුතු කරන්න කියලායි.
ලෝකයේ බයානකම තස්ත්‍රවාදි සංවිධානයක් මර්ධනය කරපු ත්‍රිවිධ හමුදාවක් පොලිසියක් බුද්ධි අංශයක් අපිට ඉන්නේ එම නිසා මේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ පිලිබදව විස්වාසය තියලා කටයුතු කරන්න කියලා අපි මේ ආන්ඩුවෙන් ඉල්ලනවා මේ රටේ පුරවැසියන් ආරක්ෂා කරන්න ඕන අනිත් පැත්තෙන් සංචාරක ව්‍යාපාරයත් ආරක්ෂා කරන් ඕන .
අපිව විස්වාස කරපු දේශපාලන කදවුර රැක ගන්න අවශ්‍යයි මේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අපි කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා අලුත්ම කණ්ඩායමක් අලුත් නායකත්වයක් මෙසේ ඉදිරිපත් කර තියෙන්නේ අලුත් ගමනක් යාමටයි.
මේ රටේ ප්‍රශ්න පිලිබදව පාර්ලීමේන්තුවේ හඩක් නගන්නට අපි පියවර ගන්නවා ඒ සදහා අවශ්‍ය සහය අපිට ලබා දිමට පියවර ගන්න.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….