රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නැහැ – ජූලි කොසැක්

ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණි ගමන් මග තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බවත්, දුෂ්කරතා මැද අත්කර ගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් වන බවත්, ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ ජනතාව ඒ බව තීරණය කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් පැවසුවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉකුත් 12 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියාය.

ඉතිහාසයේ ඇති වූ දරුණුතම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදීම සඳහා මෙම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් වන බව ද ඇය සදහන් කළාය.

එහිදී ඇය වැඩිදුරටත් මෙසේ පැවැසුවාය.

“පසුගිය ජූනි 12 වන දින, අපගේ විධායක මණ්ඩලය විසින් 2024 අංක IV වගන්තිය යටතේ සිදු කරනු ලබන උපදේශනය සහ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ වැඩසටහනේ දෙවන සමාලෝචනය අවසන් කර තිබෙනවා. එමගින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 336 ක පමණ මූල්‍යාධාරයක් නිදහස් කර තිබෙනවා. වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත්ව පවතිනවා. ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රතිඵල පෙන්නුම් කරමින් තිබෙනවා. ආර්ථිකය වර්ධනය වීමට පටන්ගෙන තිබෙනවා. උද්ධමනය පහළ යමින් තිබෙනවා. විදේශ සංචිත ප්‍රමාණය සහ රාජ්‍ය ආදායම ඉහළ යමින් පවතිනවා. කෙසේ වෙතත්, තවමත් සැලකිය යුතු මට්ටමේ අවදානමක් පවතිනවා. එම නිසා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.”

පුද්ගලික ණය හිමියන් තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර ඇති බවට පළවන වාර්තා පිළිබඳ යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කර සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම මෙන්ම නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමග ගිවිසුම්වලට එළැඹීම ප්‍රධාන සන්ධිස්ථාන බවට පත්වන බවයි.

එසේම අයි.එම්.එෆ් කාර්ය මණ්ඩලය විසින් ඒකාබද්ධ වැඩ රාමුව සමාලෝචනය කරමින් සිය තක්සේරුව ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ලබා දී ඇති බවත්, මීට අමතරව, ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් මෙම තක්සේරුව ශ්‍රී ලංකාවේ බැඳුම්කර හිමියන්ගේ මූල්‍ය උපදේශකයන් වෙතද ලබාදී ඇති බවත් ඇය පැවැසුවාය.

“ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අපගේ කාර්යභාරය එතැන් සිට අවසන් වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහභාගී නොවන බව මම මෙහිදී අවධාරණය කළ යුතුයි. එම සාකච්ඡා සිදුවන්නේ ණය ලබාගත් රට සහ එහි ණය හිමියන් අතරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කරන්නේ ණය තිරසරභාවය පිළිබඳ සාමාන්‍ය තක්සේරුවක් පමණයි. වැඩි විස්තර සඳහා, ශ්‍රී ලංකා බලධාරීන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පරීක්ෂා කරන ලෙස මම ඔබට යෝජනා කර සිටිනවා.” යැයි ද ඇය සඳහන් කළාය.

එසේම ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ තක්සේරුව (DSA) සම්බන්ධයෙන් යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මෙසේ පැවැසුවාය.

“මේ සඳහා මගේ පිළිතුර, මා විසින් ලබාදුන් පෙර පිළිතුරුවලට සමාන වෙනවා. පළමුවෙන්ම, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ තීරණය ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ගත යුතුයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වැඩසටහන සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෘෂ්ටි කෝණයෙන් බැලූ විට අපට දකින්නට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම අර්බුදයෙන් පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා මෙම වැඩසටහන තුළින් අත්කර ගෙන ඇති ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වනවා.

තුන්වන සමාලෝචනය සිදු කරනු ලබන කාලසීමාව මැතිවරණයෙන් පසුව රජය සමග සාකච්ඡා කරනවා. එම නිසා අප ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව නව රජයක්, නැතහොත් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් සිදුකරන තෝරාගැනීම මත පදනම් ව හිමිවන ප්‍රතිඵලය අනුව, වැඩසටහන පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කටයුතු කිරීමට අප සූදානම්ව සිටිනවා.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….