ලැබු ජයග්‍රහණයෙන් උද්දාමයට පත් නොවී දුන් පොරොන්දු ඉටුකරන්න – දයාසිරි කියයි

dayasiri

මෙරට ජනතාව කාලයක් පුරා නව දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කළ බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඒ අනුව මේ වනවිට පාර්ලිමේන්තුවේ නව මුහුණු රැසක් දක්නට ලැබෙන බවත්, ඒ සම්බන්ධයෙන් සතුටු වන බවත් දයාසිරි ජයසේකර මහතා කියා සිටියා.

එමෙන්ම ජාතිවාදය වපුරන බව පවසමින් අත්අඩංගුවට ගන්නා අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකට බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

එය උතුරට එක ආකාරයකටත්, දකුණට තව ආකාරයකටත් ක්‍රියාත්මක වන බව එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

“ජාතිවාදය වපුරනවා කියලා අත්අඩංගුවට ගත් දකුණේ අයට ත්‍රස්ත පනත යටතේත්, උතුරේ අයට දණ්ඩ නීති සංග්‍රහය යටතේත්, දෙවදියකට නඩු පවරන්නේ ඇයි?.. එකම කාරණාවට කොටස් දෙකකට, පනත් දෙකක් යටතේ නඩු පවරන්නේ ඇයි?.. දන්නේ නැත්නම් පොලිසියට නීතිපති උපදෙස් ගන්න කියන්න.. රටට වඩා වේගයෙන් තමන්ගේ පුද්ගලික පරමාර්ථ පෙරදැරි කරගෙන, පවුල වර්ධනය කිරීමත්, ගජමිතුරු දේශපාලනයත් නිසා අද පැරණි දේශපාලන පක්ෂ මේ රටෙන් අතුගෑවිලා ගිහින් තිබෙනවා.. අලුත් වෙන්න සූදානම් නැති පක්ෂ අතුගා දමා නව දේශපාලකයින් පාර්ලිමේන්තුවට ගේන්න ජනතාව කටයුතු කර තිබෙනවා.. අද මෙතන අලුත් මුහුණු ගොඩක් දකින්න ලැබෙනවා.. ඒ ගැන සතුටු වෙනවා.. ජනතාව අලුත් දේශපාලනයක් කාලයක් තිස්සේ බලාපොරොත්තු වුණා.. ඒ බලාපොරොත්තු පසුගිය හැම ආණ්ඩුවක් තුළම බිඳ වැටුණා.. ඉතාමත් විනය ගරුක සංවිධානාත්මක ක්‍රියාවලියක් තුළ ඔබ මේ ජයග්‍රහණය කර තිබෙනවා.. ඔංචිල්ලාව උඩට යනවා වගේම ආපස්සට එන බව මතක තබාගෙන ලැබු ජයග්‍රහණයෙන් උද්දාමයට පත් නොවී දුන් පොරොන්දු ඉටුකරන්න.. හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා කියලා රටේ රැල්ලක් හැදුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබාදී තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන්න බැහැ.. මන්ත්‍රී වරප්‍රසාද ගැන කියපු කතා අද වෙනස් වෙලා.. ගජමිතුරු දේශපාලනය නෑ කිව්වට කැළණිය හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල තමන්ගේ මිතුරන්ට ඇමතිකම් දීලා, ලේකම් තනතුරු දීලා.. හාල් ඇටයක්වත් පිටරටින් ගේන්නේ නැහැ කිව්වාට, දැන් හාල් ගේන්න පටන් අරන්.. ණය තිරසරකරණය පිළිබඳ අලුත් යෝජනා ගේනවා කිව්වාට දැන් ඒක කරන්න බැරි වෙලා තිබෙනවා.. අපි මේ ආණ්ඩුවේ යහපත් සියලු දේට සහය දෙනවා.. ඒ වගේම කියපු දේ කරනවද කියලාත් අපි බලන් ඉන්නවා..”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….