ලොව රටවල් ගණනාවක ගුවන් සේවා, බැංකු සේවා ඇතුලු අත්‍යවශය සේවා රැසක් බිදවැටීමට හේතුව මෙන්න

මයික්‍රොසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධති ඇතුළු යෙදවුම් සේවා රැසක බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා රටවල් රැසක දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.

ඒ හේතුවෙන් ගුවන් ගමන්, බැංකු සේවා, රූපවාහිනී නාලිකා විකාශන කටයුතු ඇතුළු සේවා රැසක මෙහෙයුම් අනපේක්ෂිත ලෙස අඩාළ වුණි. අසල්වැසි ඉන්දියාව මෙන්ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව, ස්පාඤ්ඤය, ජර්මනිය, මැලේසියාව, සිංගප්පූරුව, චීනය, ජපානය, පෝලන්තය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමිර්හි ඩුබායි ඇතුළු නගර හා රටවල් රැසකට මෙම තාක්ෂණික බිඳ වැටීමෙන් දැඩි බලපෑම් එල්ල විය.

මෙම බිඳවැටීමෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයට සහ මෙරට පෞද්ගලික ආයතන හතරක මෙහෙයුම් කටයුතුවලටත් එල්ලවුණේ දැඩි බලපෑමකි. ඒ සමග, “බ්ලූ ස්ක්‍රීන් ඩෙත්” යනුවෙන් දෝෂයක් ලොව පුරා රටවල් රැසක පරිගණක තිර මත දිස්වීමත් සමඟ එය විදෙස් මාධ්‍යවල ප්‍රමුඛ පුවත බවට පත්වුණි.

පරිගණක ජාලවල මයික්ක්‍රොසොෆ්ට් යෙදවුම් අනපේක්ෂිත ලෙස ඇනහිටීම “බ්ලූ ස්ක්‍රීන් ඩෙත්” දෝෂය ලෙස දැක්වෙයි. තොරතුරු තාක්ෂණික බිඳ වැටීමේ බලපෑමෙන් ගෝලීයව අවලංගු කෙරුණු ගුවන් ගමන් වාර ගණන දහසක් පමණ වෙයි. අමෙරිකාවේ ඩෙල්ටා, අමෙරිකන් එයාර්ලයින්ස්, යුනයිටඩ් ඇතුළු ප්‍රධාන ගුවන් සමාගම්වලත් බ්‍රිතාන්‍යයේ ඊසි ජෙට්ස්, රයන් එයාර් ඇතුළු ගුවන් සමාගම්වල මෙහෙයුම් අඩපණ වීමට මෙය ඉවහල් විය.

එමෙන්ම ජපානයේ ජෙට් ස්ටාර්, ජේජු එයාර්, HK එක්ස්ප්‍රස් මෙන්ම ස්ප්‍රින්ග් ජැපෑන් ගුවන් සමාගම් ද ඉන්දියාවේ ඉන්ඩිගෝ, අකාස එයාර් ඇතුළු සමාගම්වලච සේවා කටයුතු මෙහි බලපෑමෙන් බිඳවැටුණු අතර ලොව රටවල් රැසකට බලපෑ මහා පරිමාණ තොරතුරු තාක්ෂණික බිඳ වැටීමෙන් එංගලන්තයේ ද දුම්රිය, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා රැසකට ද දැඩි බලපෑමක් එල්ලවිය.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් මාධ්‍ය ජාලයත්, BBC නාලිකාවට අනුබද්ධ CBBC මාධ්‍ය ජාලයත්, ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලයත් බිඳ වැටී තිබුණි. මේ අතර පැරිස් ඔලිම්පික් උළෙලට සම්බන්ධ තොරතුරු තාක්ෂණික මෙහෙයුම් පද්ධතියටත් බලපෑම් එල්ලවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මහා පරිමාණ ගෝලීය තොරතුරු තාක්ෂණ බිඳ වැටීමට හේතු වී තිබුණේ, අමෙරිකාවේ ක්‍රවුඩ් ස්ට්‍රයික් සයිබර් ආරක්ෂණ සමාගමේ දෝෂයක් ලෙස හඳුනාගැණුනි. එය ක්‍රවුඩ් ස්ට්‍රයික් සමාගම නව පරිගණක ප්‍රතිවෛරසයක් අත්හදා බැලීමේදී සිදුවූ දෝෂයක් බව විදෙස් වාර්තා පවසයි.

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….