වංචා දූෂණ වැළැක්වීමට විගණකාධිපතිට පූර්ණ බලතල

slparli

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික, සංවිධානාත්මක සහ ක්‍රමෝපායික රාමුවට අනුකූලව “දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයට ප්‍රධාන ක්‍රියාකාරි පියවර කිහිපයක් අන්තර්ගත වන අතර 2023 වසරේ සම්මත කර ගන්නා ලද දූෂණ විරෝධී පනත පූර්ණ වශයෙන් බලාත්මක කිරීම, ඒ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම, මාස හයකට වරක් එකී ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ක්‍රියාකාරී සැලැස්මට අවශ්‍ය ප්‍රමාණවත් අය-වැය ප්‍රතිපාදන ලබාදීම සඳහා ද අවශ්‍ය විධිවිධාන එහි අන්තර්ගත වේ. 2025 – 2029 කාලරාමුව සඳහා පැහැදිලිව ජාතික දූෂණ විරෝධී සැලැස්මක් නිර්මාණය කිරීමට ද මෙකී න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙන අතර විගණකාධිපතිවරයා සතු නීතිමය බලතල තවදුරටත් පුළුල් කරමින් 2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීම ද මෙම ජාතික න්‍යාය පත්‍රයට ඇතුළත් වෙයි.

එම සංශෝධනයන්ට අනුව ප්‍රශ්නගත විගණනයන්හි සම්පූර්ණ වාර්තාවන් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ප්‍රථම එමඟින් අනාවරණය කරගනු ලබන වංචා සහ දූෂණ පිළිබඳ සිදු කළ හැකි අපරාධමය විමර්ශනය සඳහා, නීතිය බලාත්මක කිරීමේ ආයතන සමඟ මූලික හෝ වෙනත් සොයා ගැනීම් හුවමාරු කර ගැනීමට විගණකාධිපතිවරයා වෙත අවසර ලබාදීමට යෝජනා කර තිබෙන අතර අධීක්ෂණය සහ වගවීම පිළිබඳ නිසි වගකීම් ඉටුකිරීමට අපොහොසත් වන ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගෙන් ඊට අදාළ අධිභාරය අය කර ගැනීම සඳහා ද විගණකාධිපතිවරයා වෙත බලය පැවරීම ද මේකී දූෂණ විරෝධී ජාතික න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.

ඵලදායී හා විනිවිදභාවයෙන් යුතු වත්කම් ප්‍රකාශනයන් සහ බැඳියා පිළිගැටුම් කාර්ය ක්‍රමයක් ස්ථාපිත කිරීමට ද මේකී ජාතික න්‍යාය පත්‍රය මඟින් යෝජනා කර තිබෙන අතර බැඳියා පිළිගැටුම් සම්බන්ධයෙන් නීති (Conflict-of-Interest Rules) සහ දූෂණ විරෝධී පනතේ සඳහන් වත්කම් ප්‍රකාශ කිරීම පිළිබඳ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ඊට අදාළ රෙගුලාසි බලාත්මක කිරීම, බැඳියා පිළිගැටුම් යන්න නිර්වචනය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, පිළිගැටුමක් කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ සැපයීම, ඒවා කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් නිලධාරීන්ට දඬුවම් පැමිණවීම සහ මීට අදාළ කාර්යසාධනය සම්බන්ධයෙන් වාර්තා කිරීම ද ඇතුළත් කර ඇත.

එමෙන්ම දූෂණ විරෝධී පනතට අනුකූලව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා මෙකී වත්කම් ප්‍රකාශන නම් කරන ලද වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කිරීමට ද අවශ්‍ය විධි විධාන සලසා ඇති අතර වැඩපිළිවෙළෙහි අර්ධ වාර්ෂික හා වාර්ෂික ප්‍රගති සමාලෝචන සිදු කළ යුතු බවට ද නියම කර තිබේ. අපරාධ සහ මුදල් විශුද්ධිකරණය මඟින් උපයාගත් ධනය නැවත අය කර ගැනීම සඳහා ජාතික ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට ද කටයුතු කර ඇති අතර මේ සඳහා අල්ලස් කොමිසම වෙත ලබාදී ඇති නව බලතල අනුව නිසි අයුරින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම සහ නව විමර්ශන මඟින් නිසි ලෙස නඩු පැවරීම සහ වරදකරුවන් කිරීම පිළිබඳවත්, දේශපාලනික වශයෙන් අනාවෘත වූ පුද්ගලයන් (Politically Exposed Persons) හඳුනා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම ද මීට ඇතුළත් කර තිබේ.

දූෂණ නඩු සම්බන්ධ විමර්ශන හා ඊට නඩු පැවරීමට අදාළ කටයුතු ශක්තිමත් කිරීමට ද මෙම ජාතික න්‍යාය පත්‍රය මඟින් කටයුතු සලසා ඇති අතර සමාගමක අර්ථලාභී අයිතිය පිළිබඳ තොරතුරු සැපයීමට සහාය පළ කිරීම සඳහා රෙගුලාසි සකස් කිරීමටත් විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා පොදු අර්ථලාභීන්ගේ ලේඛනයක් ස්ථාපිත කිරීමත් මීට අන්තර්ගත වේ. රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන රාජ්‍ය ප්‍රසම්පාදන නීතියක් (Public Procurement Law) බලාත්මක් කිරීමත් රුපියල් බිලියනයට වැඩි රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවල තොරතුරු ප්‍රකාශයට පත් කිරීමත් දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයේ සඳහන් වේ.

බදු නිදහස් කිරීමේ වටිනාකම් පිළිබඳ ඇස්තමේන්තුවක් සහිතව බදු නිදහස් කිරීම් ලබන සියලු සමාගම් ප්‍රසිද්ධ කිරීම, ආයෝජන ප්‍රවර්ධන කොන්දේසි පිරිවැයකරණය හා යෝජනා ඇගැයීම සඳහා නිසි ක්‍රියාවලියක් සකස් කරනතුරු ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත තාවකාලිකව අත්හිටුවීම, පුහුණ හා ස්වාධීන කාර්ය මණ්ඩලයක් ඇති කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම සහ රජයට ආදායම් ලබාදෙන දෙපාර්තමේන්තුව තුළ කෙටිකාලීන දූෂණ විරෝධී පියවර ගැනීම වැනි සාධනීය පියවර ද මීට ඇතුළත්ය.

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ඍජු කළමනාකරණය අවසන් කරනු ලබන සේවක අර්ථසාධක අරමුදල සඳහා නව කළමනාකරණ කටයුතු ස්ථාපිත කිරීම, විධායක හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තෝරා ගැනීම වැඩිදියුණු කිරීම මඟින් රජයේ හිමිකාරීත්වය සහිත බැංකු සඳහා සංස්ථාපිත පාලනයන් ශක්තිමත් කිරීම, අධිකරණ සේවා කොමිෂන් සභාව බලාත්මක කිරීම ආදි ප්‍රතිසංස්කරණ ද මෙම න්‍යාය පත්‍රයට ඇතුළත් වේ.

දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය මඟින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම ශක්තිමත් කිරීම සම්බන්ධ විධිවිධාන ද ඇතුළත් කර තිබෙන අතර වත්මන් දූෂණ විරෝධී ප්‍රයත්නයන්හි ප්‍රගතිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් 2024 මැයි මස 29 වැනි දින නිකුත් කරන ලද විස්තීරණ අරමුදල් පහසුකමෙහි දෙවන සමාලෝචනය මඟින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් මේ රට සමස්ත දූෂණ විරෝධී රාමුව ශක්තිමත් කිරීමට මෙම න්‍යාය පත්‍රය මඟින් වැඩපිළිවෙළක් යෝජනා කර ඇත. ඒ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පහසුකම් සැපයීම, රාජ්‍ය ආදායම් පරිපාලනය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය වත්කම් අධීක්ෂණය හා කළමනාකරණය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම යන අංශ ද ඇතුළත් වේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….