වත්මන් ආර්බුදයට රනිල්ගෙන් යෝජනා 9ක්

ranil

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසදුම් සදහා වූ යෝජනාවලියක් හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

කරුණු 9 කින් යුත් ඒම යෝජනා සභාගත කරමින් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකර සිටියේ 20 වැනි ව්‍යවස්ථාව සංශෝධනය තුළින් සිදු වූ පාර්ලිමේන්තුව දුර්වල කිරීමේ ප්‍රථිවිපාකයක් ලෙස අද මුළු රටම විශාල අර්බුදයකට ඇද දමා ඇති බවත්ය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්කම කිරීමටත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් රටේ මුල්‍ය පාලන බලතල සම්පුර්ණයෙන් පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමත් සදහා 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් වහා ගෙන ආ යුතු බවට යෝජනා කරනල දී.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාගත කරනු ලැබූ ඒම යෝජනා ලංකාදීප පුත්පතින් උපුටා ගන්නා ලදී.

දරාගත නොහැකි විදේශ ණය, මුදල් ඒකකයේ කඩා වැටීම සහ අනෙකුත් රාජ්‍ය ආදායමේ බරපතල හිගය රජය බංකොලොත් බව ප්‍රකාශ කිරීමට හේතු වි ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාව මගින් රාජ්‍ය මුදල් පිළිබදව පුර්ණ පාලනය පාර්ලිමේන්තුවට පැවරී ඇති අතර, ඒය 2022 ශ්‍රේෂ්ඨාධිකරණෙය් SCSD1-9 දරණ තීරණය මගින් නැවත නැවතත් ඒම මූලධර්මය ශක්තිමත් කර ඇත.
ව්‍යවස්ථාවේ 148 වගන්තියට පටහැනිව කරන ලද ඔ්නෑම තීරණයක් හෝ පියවරක් ඇතුළුව පාර්ලිමේන්තු අනුමැතිය සහ/හෝ අධිකාරියකින් තොරව, වලංගු නොවන සහ/හෝ බල රහිත වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව මගින් අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට සහ මග පෙන්වීමට යටත් වන අතර, ඒ හා සමානව 42 වැනි ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බව ප්‍රතිපාදනය කරයි.

වත්මන් තත්ත්වය අනුව යහ පාලනය සහතික කිරීම සදහා පාර්ලිමේන්තුවට අනොන්‍ය සහාය අවශ්‍ය වන අතර, ඒ සදහා 43 සහ 148 වගන්තිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඒහි බලතල ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.

ඒකී තත්ත්වය තුළ පහත සදහන් ක්ෂණික ක්‍රියාමාර්ග ගත යුතු බව යෝජනා කෙරේ,

1 පාර්ලිමේන්තුව ඒහි බලතල ක්‍රියාත්මක කිරීමේ දී බල ගැන්විය යුතුය

i අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ආරක්ෂාව සදහා මුල්‍ය ප්‍රතිපාදන සහතික කිරීම සදහා 2022 විසර්ජන පනත සංශෝධනය කිරීම ඇතුළුව රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබදව සොයා බලා වාර්තා කිරීමට රාජ්‍ය මුදල් පිළිබදව කාරක සභාව
ii රාජ්‍ය ව්‍යාපාරවල මුල්‍ය තත්ත්වය පිළිබදව සොයා බලා වාර්තා කිරීම සදහා පොදු ව්‍යාපාර පිළිබදව කාරක සභාව
iii රාජ්‍ය සතු ව්‍යවසාය පුළුල් කිරීමේ ව්‍යාපෘති ඇතුළුව නව ව්‍යාපෘති සදහා වන සියලුම ප්‍රාග්ධන වියදම් තාවකාලිකව අත්හිටුවීම
iv රාජ්‍ය පාලිත සහ/හෝ හිමි වත්කම් හෝ ව්‍යවසායන් විකිණීම සහ / හෝ කල්බදු ඇතුළු සියලු අන්සතු කිරීම් අත්හිටුවීම

2 2022 අගොස්තු දක්වා ආහාර, ‌ඖෂධ, පොහොර, සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ස්ථාවරයන් පිළිබද ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීම

3 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග iii යටතේ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා පිහිටුවීම

4 පාර්ලිමේන්තුවේ පහත සදහන් කාරක සභා පත්කිරීම

i රජයට අමතර ආයමක් උපයා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව වාර්තා කිරීමට මාර්ග සහ විධික්‍රම කමිටුව
ii බැංකු සහ මුල්‍ය සේවා ව්‍යවසාය මුල්‍ය තත්ත්වය සහ ආරක්ෂිත දැලක් ඇතුළුව අංශයේ ස්ථාවරත්වය සහ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග පිළිබදව වාර්තා කිරීම සදහා බැංකු සහ මුල්‍ය සේවා කමිටුවක්
iii සාර්ව – ආර්ථික විශ්වාසනීයත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම සදහා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබද අනෙකුත් කරුණු අතර වාර්තා කිරීම සදහා ආර්ථික ස්ථායීකරණ කමිටුවක්

5 මුදල් මණ්ඩලය මුදල් නීතියේ 5 වැනි වගන්තියේ දක්වා ඇති තම අරමුණුවලට අනකූල වන බවත්, පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව හිග මුල්‍යකරයෙන් මහ බැංකුව වැළකී සිටින බවත් සහතික කිරීම

6 පාර්ලිමේන්තු අය වැය කාර්යාලයක් පිහිටුවීම

7 තේරීම් කාරක සභාවන් දෙකක් පත්කිරීම

i වගකිව යුතු පුද්ගලයින් පරීක්ෂාකර වාර්තා කිරීම (1- මුදල් පාවෙන / 2- බාහිර ණයවල තිරසර භාවය ප්‍රතික්ෂේප කිරීම ඒමගින් බංකොලත් භාවය නැති කිරීම)
ii 2020,2021 සහ 2022 වසර සදහා රාජ්‍ය ගිණුම් නැවත පරීක්ෂා කිරීම

8 නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත ඇතුළුව රාජ්‍ය මූල්‍ය පිළිබදව පාර්ලිමේන්තුවේ පාලනය ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව විමර්ශනය කර වාර්තා කිරීම සදහා තේරීම් කාරක සභාවක් පත් කිරීම. කමිටුව පහත සදහන් කරුණු පිළිබදව සැලකිල්ලට ගත යුතුය.

I අය-වැය වගකීම් සහ ජාතික විගණන පනත 2011 (එක්සත් රාජධානිය)
Ii රාජ්‍ය මූල්‍ය පනත (නවසීලන්තය)
Iii මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත (නවසීලන්තය)
Iv මූල්‍ය පරිපාලන පනත (කැනඩාව)
V රාජ්‍ය මුල්‍ය කළමනාකරන පනත (දකුණු අප්‍රිකාව)
Vi රාජ්‍ය මුල්‍ය කළමනාකරන සහ මධ්‍යම නීතිය (තුර්කිය)
Vii රාජ්‍ය මුල්‍ය පාලනය සදහා වන එක්සත් රාජධානියේ පරිචයන් සහ රාජ්‍ය මුල්‍ය වගකීම් සංග්‍රහය

9 රාජ්‍ය වියදම් සැලැස්ම, වියදම් සමාලෝචනය සහ විනිවිදභාවයෙන් යුත් ප්‍රතිසංස්කරණ ඇතුලත් ක්‍රියා පටිපාටි

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….