වතු කම්කරුවන්ගේ උගත් දරුවන්ට වතුවල කේෂ්ත්‍ර නිලධාරි හා කාර්යාලවල රැකියා පත්වීම්

හැටන් වැවිලි සමාගම කියන්නේ ඔබලාගේ පවුලේ දෙයක් මෙහි සේවය කරන වතු කම්කරුවන්ගේ උගත් දරුවන්ට මෙහි රැකියාවන් ලබා දිමට මෙසේ කටයුතු කරන්නේ ඔබලාගේ යහපත වෙනුවෙන් බව එම වැවිලි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මේනක අතුකෝරල මහතා පවසයි.
හැටන් වැවිලි සමාගමේ වතු 13නක කාන්තාවන් 21 දෙනකු සදහා එම වතුවල කේෂ්ත්‍ර නිලධාරි හා කාර්යාලවල රැකියා පත්විම් ලබා දිමේ උත්සවයක් අමතමින් මේනක අතුකෝරල මහතා මේ බව පැවසිය.
හැටන් වැවිලි සමාගමට අයත් දික්ඔය පිහිටි පුහුණු මධ්‍යස්ථානයේදි මෙම පත්විම් ලබා දිම සිදු කල අතර මෙහිදි වැඩි දුරටත් කතා කල මේනක අතුකෝරල මහතා මෙම වැඩ සටහන මෙයට වසර කිපයකට පෙර සිතේ පහලවු දෙයක් එත් මෙය කර ගැනිමට හැකි වෙයිද කියන සැකයත් තිබුනා.
එත් මෙම අභියෝගය මෙම කාන්තාවන්ට බාර දිමේ අරමුණ මත මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන මෙම කාන්තාවන් බදවා ගෙන ඔවුන්ට යම් පුහුණුවක් ලබා දිමට පියවර ගත්තා.
එම පුහුණුවේදි වැටහුනා මෙම අභියෝගය මෙම පිරිස ඉතා හොදින් ජය ගන්නා බවට ඒ අනුව එම පුහුණුව සාර්ථකව ඉටුකල පිරිස තමයි අද මෙම පත්විම් ලබා ගන්නේ.
අද මෙම පත්විම් ලබා ගන්නා මෙම කාන්තාවන්ගේ දෙමාපියන්ට සතුටු වෙන්න පුලුවන් තම දරුවන් තමන් සේවය කරන වැවිලි සමාගම තුලම කේෂත්‍ර නිලධාරින් ලෙසත් කාර්යාලවල විවිධ තනතුරු දැරිම පිලිබදවත්.
අපි මෙම වැඩ සටහන ඉදිරියටත් ක්‍රියාත්ම කරමින් තවත් පිරිසකට මෙවැනි තනතුරු ලබා දිමටත් මෙම පත්විම් ලැබු අයගේ සේවා කුසලතාවයන් මත ඔවුන්ගේ තනතුරු උසස් කිරිමටත් පියවර ගන්නවා එම නිසායි මම මුලින්ම පැවසුවේ මෙම වැවලි සමාගම ඔබලාගේ පවුලේ දෙයක් බව.
මෙහිදි එම වැවිලි සමාගමේ අධ්‍යක්ෂ ගවුරි සන්කර් සමන්‍යධිකාරි වරුණ යන මහත්වරුන්ද ඇතුළු පිරිසක්ද කතා කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….