වතු කම්කරුවන් වෙනුවෙන් වත්තේ ජිවත්වන තරුණියක්ම ඉදිරිපත්වෙයි

වතු කම්කරු ජනතාව තුල පවතින විවිධ ප්‍රශ්න කෙරෙහි මෙතෙක් පත්වු මන්ත්‍රිවරුන් නිසි අවදානයක් යොමු නොකිරිම හේතුවෙන් වත්තේ ජිවත්වන තරුණියක් වන තමන් මෙවර ස්වාධිණ කණ්ඩායමකින් නුවරඑළිය දිස්ත්‍රික්කයට ඉදිරිපත්වු බව ස්විධිණ කණ්ඩායම් අංක 04 යටතේ තරග කරන වටවල මීනාච්චි වතුයායේ පදිංචි තිරුකේදිස්වරන් සුභාෂණි ‍මෙනවිය පවසයි.
වටවල ප්‍රදේශයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු සුභාෂණි මෙනවිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
වසර ගනනාවක් පුරාවට මේ දිස්ත්‍රික්කයේ වතු කම්කරු ජනතාවගේ ඡන්දය ලබා ගෙන පාර්ලීමේන්තුවට ගිය බොහෝ දෙනෙක් වතු කම්කරුවන් තුල පවතින විවිධ ප්‍රශ්න දෙස නිසි අවදානයක් යොමු කලේ නැහැ.
අද වන විට වතුකරයේ නොවිසිදුන ප්‍රශ්න රාශියක් පවතිනවා අද වන විටත් වතුකරයේ බොහෝ පාසල්වල නිසි ලෙස පානිය ජලය නැහැ වැසි කිලි කැසිකිලි පහසුකම් නිසි ලෙස නැහැ එම තත්වයන් මත වතු පාසල් වෙත යන බොහෝ සිසු සිසුවියන් විවිධ දුෂ්කරථාවයන්ට පත් වෙලා ඉන්නේ.
මේ වතු පාසල්වල වීශේෂයෙන් නිසි ලෙස වැසිකිලි කැසිකිලි පහසුකම් නොමැතිවිමෙන් පාසල් යන ගැහැනු ලමයි පත්වන අසිරුතාවයන් බොහෝමයි මම එය හොදින්ම දන්න දෙයක්.
එමෙන්ම මේ වතුකරයේ සමහර දේශපාලකයන් වතුවල ජිවත්වන අහිංසක පිරිසට දේශපාලනය වශයෙන් ඉදිරියට එන්න දෙන්නෙත් නැහැ එම තත්වයන් මතයි මමත් ස්වාධිණ අංක 04 රේඩියෝව ලාංජනය යටතේ තරග කරන්නේ.
මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකර ජනතාවගේ ඡන්දයෙන් මට පාර්ලීමේන්තුවට යන්න අවස්ථාවක් ලැබුනොත් මගේ මුලීක අවදානය යොමු කරන්නේ මේ වතුකරයේ අධ්‍යාපනය දියුනු කරමින් වතුකරයේ සහෝදර සහෝදරියන්ට හොද අධ්‍යාපනයක් ලබාදි ඒ තුලින් එම පිරිසට හොද රැකියාවන්වලට මග පාදමින් වතු කම්කරු ජිවිත නගා සිටුවිමටයි.
එමෙන්ම මේ වතු කර ජනතාව තුල පවතින දැවෙන ප්‍රශ්ණ කෙරේහිද නිසි අවදානයක් යොමු කර එම ප්‍රශ්න සදහාද නිසි විසදුම් ලබා දිමටත් කල හැකි උපරිමදේ කිරිමටත් පියවර ගන්නවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….