වතු කම්කරු ප්‍රජාවට ඔප්පු ලබාදෙයි

වතු කම්කරු ප්‍රජාව ඉන්දියාවේ සිට ලංකාවට පැමින වසර 201ක් ගත වුවත්, මේ වතු කම්කරු ප්‍රජාව මේ වන විටත් ප්‍රශ්න රාශියක් මත ජිවත් වන පිරිසක් බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමති සුන්දරලිංගම් ප්‍රදිප් මහතා පවසයි.
ඉන්දිය රජයේ ආධාර මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් සදහා ඉදි කරන ලද නිවාසවල ඔප්පු ලබාදීමේ උත්සවයක් හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ශාලාවේදී පැවති අවස්ථාවේදී, සුන්දරලිංගම් ප්‍රදිප් මහතා මේ බව පවසන ලදි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු සුන්දරලිංගම් ප්‍රදිප් මහතා එදා ඉන්දියාවේ සිට ආපු ප්‍රජාවගෙන් පැවත එන කෙනෙක් තමයි මමත් මගේ දෙමාපියන් වතු කම්කරුවන්. මමත් වත්තේ ඉපදිලා, වතු ලයිමේ හැදිලා තමයි අද මේ ඇමතිකම දරන්නේ.

මේ වතු කම්කරු ප්‍රජාව ඉන්දියාවේ සිට පැමින වසර 201ක් ගත වුනත්, අදටත් මේ වතු කම්කරු ප්‍රජාවගේ දැවෙන ප්‍රශ්න විසදිලා නැහැ. අදටත් මේ ජනතාවට සෞඛ්‍ය ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න පවතිනවා. එම තත්වයන් මත අපි තවමත් ඉන්නේ පහත් මට්ටමකයි.

අපිට නිදහස ලැබිලා අනුරුදු 77ක් වනවා. මෙම අවුරුදු 77 තුළ විවිධ ආණ්ඩු පත්වුනා, විවිධ මැති ඇමතිවරුන් පත් වුනා. එත් මේ ජනතාවගේ ප්‍රශ්න නිසි ලෙස විසදුනේ නැහැ. මේ ජනතාවට ඉඩමක්, නිවසක් ලබා ගැනීම සිහිනයක් බවට පත් වෙලා තිබුනේ. එය සැබෑ කරන්න ඉන්දියානු රජය අපිට උදව් කරලා තියෙනවා. ඒ පිළිබඳව මම මේ අවස්ථාවේදී ඉන්දියානු රජයට ස්තුතිය පුද කරනවා.

මේ වතුකරයේ හිටපු සමහර දේශපාලකයන් මේ වතුකර් ජනතාව ඔවුන්ගේ ග්‍රහනයට හසු කරගෙන හිටියේ ඔවුන්ගෙන් තොරව වෙනත් අයෙකුට දේශපාලන වශයෙන් ඉදිරියට එන්න ඉඩ දුන්නේ නැහැ. එත් පසුගිය මැතිවරණයේ මේ වතුකර ජනතාව නුවරඑළිය, බදුල්ල වැනි දිස්ත්‍රික්ක ඇතුළු වතුකරයේ බලයත් ජාතික ජන බලවේගයට ලබා දීමේ පියවර ගැනීම පිළිබඳව මෙම ජනතාවට මා ස්තුතිය පුද කරනවා.

මේ රජයේ නිලධාරින් වැටුප් ලබන්නේ මහජනතාවගේ බදු මුදලින්. එම නිසා මේ නිලධාරින් මහජනතාවට අවශ්‍ය සේවය ලබා දීමේ පියවර ගත යුතුයි. මම මේ ඇමති කමින් මේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීමට උපරිම උත්සාහයක් ගන්නවා. පොහොසත් රටක්, ලක්ෂන ජීවිතයක් හැදීම සඳහා මේ සියලුම දෙනා එකට එක්වන්නැයි මා ඉල්ලා සිටිනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….