“වසත් සිරිය 2023” ගාලු මුවදොර දී විදේශිකයන් වෙනුවෙන් තරග ඉසව් රැසක්

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ.

පෙ.ව 7.00 සිට ප.ව 5.00 දක්වා පැවැත්වෙන අලුත් අවුරුදු ක්‍රීඩා හා තරග ඉසව්වලින් අනතුරුව ප.ව 6.00 සිට රාත්‍රී 12.00 දක්වා මියැසි ප්‍රසංගයක් ද සංවිධානය කර තිබේ.

රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ තරග ඉසව් සංවිධානය කර ඇත.

අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, පවුලේ හිතවතුන් සහ ළමුන් වෙනුවෙන් කාන්තා සහ පිරමි තරග ඉසව් 18 ක් පැවැත්වෙන අතර ගස් ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, සැඟවුණු අමුත්තා සෙවීම, අලියාට ඇස තැබීම, කණා මුට්ටිය බිඳීම, පොල් අතු විවීම, පොල් ගෑම, කොට්ටපොර ගැසීම, බනිස් කෑම, සූප්පුවෙන් බීම බීම, ඉඳිකටුවට නූල දැමීම, මීටර් 100 දිවීම, අන්ධයාට කිරි කැවීම, බාධක දිවීම, බැලුම් පිපිරවීම, ඉටිපන්දම් දැල්වීම, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන දිවීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය, සංගීත තොප්පි තරගය, ජන ගී ගායනය, ටොෆි ඇහිදීම, හොඳම හිනාව, ලොකුම බඩ තේරීම එම තරග ඉසව් අතරට අයත්ය.

ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සහභාගිවිය හැකි විවෘත අංශයක් ද තරග 16ක් සහිතව මීට ඇතුළත් අතර “පුර සැරිය” ස්ටෑන්ඩඩ් බයිසිකල් තරගය, මැරතන් ධාවන තරගය, ලිස්සන ගහ, කඹ ඇඳීම, කොට්ටාපොර ගැසීම, ඉටිපන්දම් දැල්වීම, බැලුම් පිපිරවීම, අලියට ඇස තැබීම, ටොෆි ඇහිදීම, හොඳම හිනාව අවුරුදු කුමරා සහ කුමරිය ඇතුළුව ලොකු කුඩා සැමට සහභාගිවිය හැකි තරග ඉසව් ඊට ඇතුළත් වේ.

එමෙන්ම විදේශකයින්, තානාපති කාර්යාල, විදේශ ආයතන සහ අවට හෝටල් වල සිටින පිරිස් වෙනුවෙන් ආගන්තුක අංශයක් ද විවෘත අතර විදේශිකයන්ට විනෝද විය හැකි තරග ඉසව් 10කින් එය සමන්විතය.

අතීත ගැමි සමාජයේ ගම සහ ගැමි ගෙදර අතර පැවති සුන්දර සබැදියාව විදහා දක්වමින් ගැමි ගෙදරක් සහිත පරිසරයක අකෘතියක් ද මෙහි ප්‍රතිනිර්මාණය කෙරේ. කැවිලි පෙවිලි, ඇදුම් පැළදුම්, සිංහල අවුරුදු චාරිත්‍ර ඇතුළත් ගැමි ගෙදරක ස්වරූපය ඉන් ප්‍රදර්ශයනය කෙරෙන අතර රබන් ගැසීම, පංච කෙළිය, ඔළිඳ කෙළිය, චක්ගුඩු, ජන සංගීතය, පොරපොල් ගැසීම, අං කෙළිය ඇතුළු ගැමි ක්‍රීඩා සහ ප්‍රදර්ශනාත්මක අංග රැසක් ඊට ඇතුළත්ය. කතුරු ඔංචිල්ලා, උණ වෙඩි සංදර්ශන, කඩමණ්ඩිය සහ, වෙද ගෙදරකින් ද භූමිය විචිත්‍රවත් කර තිබේ.

මියැසි ප්‍රසංගය රාත්‍රී 7.00 ට එම ස්ථානයේ දී ආරම්භ වේ. සහන් රන්වල ප්‍රමුඛ රන්වල බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන අවුරුදු ප්‍රාසාංගික අත්දැකීම මෙහිදී එළිදැක්වෙන අතර ඉන් අනතුරුව දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන මීඩ් ලෑන්ඩ් සංගීත කණ්ඩායම ප්‍රසංගය ආරම්භ කරනු ඇත. එය වර්ණවත් කිරිම සඳහා රූකාන්ත ගුණතිලක, සනුක වික්‍රමසිංහ, වින්ඩි ගුණතිලක, ටෂ්නි පෙරේරා, දුල්මිණ පෙරේරා,හිජාස් ටලීෂ්, අශන්‍යා ප්‍රේමදාස ඇතුළු දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගී වීමට නියමිත වේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….