වසර 100 කටත් පෙර ඉදිකර ඇති විල්ගොඩ නිල නිවාස අබලන් තත්ත්වයක

කුරුණෑගල මහ නගර සභාවේ විල්ගොඩ නිවාස සංකීර්ණයේ නිල නිවාස 75 ක් තිබෙන අතර එහි පදිංචි වී සිටින පිරිස 600 කටත් වැඩි බව නිවැසියන් කියයි.
සනීපාරක්ෂක කම්කරුවන් සදහා වසර 100 කටත් පෙර ඉදිකර ඇති මෙම නිල නිවාස කිසිම අයුරකින් අලූත්වැඩියා කටයුතු සිදු කර නොමැති අතර දැනට එම නිවාස දැඩිලෙස අබලන් තත්ත්වයක පවතින බව නිවැසියන් පවසයි.

වැසි සමයට බූ ඇල උතුරා යාම නිසා මුළු නිවාස සංකීර්ණයම අඩි 7 ක් පමණ ජලයෙන් යටවෙන අතර දින කීපයක් ජලය රැදී පවතියි. බිත්ති තෙත්වීම නිසාත් පරාල යටලී දිරාපත්වී ඇති නිසාත් නිවෙස් තුල නිදා ගැනීමට බියක් ඇති වන බවද ඔවුහු කියති. වැසිකිලි උතුරා කානු පද්ධති අවහිර වී අප ජලය බැස යාම සති කීපයක් තිබීමෙන් නොයෙකුත් ලෙඩ රෝග බෝවන බවද ඔවුන් කියයි. අලූතෙන් නිවාස හදල දෙන්න මුල් ගල් තියල අවුරුදු 15 ක් විතර ගියා.
මේ පිළිබඳව අප කළ විමසුමකදී කුරුණෑගල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා කියා සිටියේ මීට වසර කිහිපයකට පෙර නිවාස ව්‍යාපෘති යෝජනා කීපයක් තිබුණු අතර විල්ගොඩ ලයිම වෙනත් ස්ථානයකට රැගෙන ගොස් නිවාස සංකීර්ණයක් ඉදිකර දීමට සැලසුම් කර ඇතත් රටේ ඇති වූ අවාසනාවන්ත තත්ත්වය හා මුදල් සම්බන්ධ ඇති වූ ගැටලූව හේතුවෙන් එම ව්‍යාපෘතිය තාවකාලිකව නැවැත්වීමට සිදු වූ බවයි. වසර 100 කට වඩා පැරණි මෙම නිවාස විශාල මුදලක් වැයකර අලූත්වැඩියා කිරීමට මුදල් වැය කිරීම නිශ්ඵල  ක්‍රීයාවක් බැවින් නව නිවාස ඉදිකිරිම අත්‍යවශ්‍ය බවද පැවසීය. කෙසේ වුවත් නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට ප‍්‍රමාද වන්නේ නම් තාවකාලිකව හෝ ප‍්‍රතිසංස්කරණය කටයුතු කිරීමට අදහස් කර ඇති බවද නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

ජනූර් කිචිලාන් – පොල්ගහවෙල

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….