වෙළද මාෆියාව හේතුවෙන් වතු කම්කරුවන් අසරණ වෙති

food

දිපවාලි උත්සවයත් සමග හැටන් නගරයේ සමහර වෙළදුන් තුල ක්‍රියාත්මකවු වෙළද මාෆියාව හේතුවෙන් මෙම ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු බොහෝ පාරිභෝගිකයන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු පිරිසක් පවසන ලද්දේ දිපවාලියට සතියකට පමන පෙරදි තිබු බඩු මිල දිපවාලියට දිනකට පෙරදි දැඩි ලෙස ඉහල දැමිමට වෙළදුන් පිරිසක් කටයුතු කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වු බවත්ය.

දිපවාලියට සතියකට පමන පෙරදි මුංඇට ක්‍රිලෝව රුපියල් 850.00 අලෙවිකල වෙලදුන් දිවපාලියට දිනකට පෙරදි රුපියල් 1000/= 1100/=අතර මිලකටද බීලුනු අර්තපල් රුපියල් 260 සිට රුපියල් 380ත් 400ත් දක්වාද ඉහල ගොස් තිබු අතර පොල්තෙල් හකුරු රුලං වැනි ද්‍රව්‍යද රුපියල් 200කින් පමන ඉහල දැමිමට පියවර ගෙන ඇති බවත්ය.

මෙම වෙළදුන් තුල පැවති වෙළද මාෆියාව හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වු බවද එම පිරිස් වැඩි දුරටත් පවසන ලදි.

මේ අතර හැටන් නගරයේ බිත්තර මිල රුපියල් 38 දක්වා පහල බැසිමත් සමග තමන්ට යම් සහනයක් ලැබි ඇති බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම පිරිස් පවසන ලද්දේ පසු ගිය දිනවලදි රුපියල් 48ත් 53ත් අතර මිලකට අලෙවිවු බිත්තර මිල මේ වන විට රුපියල් 37ත් 38ත් දක්වා පහල බැස ඇති බවත්ය.

බිත්තර මිල මෙසේ පහල බැසිම තුලින් තමන්ට මේ වන විට යම් සහනයක් ලැබි ඇති බවත් බිත්තර මිල මෙන්ම අනිකුත් ආහාර වර්ගවල මිලද යම් ප්‍රමාණයකින් අඩු වන්නේ නම් එය තමන්ට විශාල සහනයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….