ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ සඳහා ඔරකල් සමාගමේ සහාය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන් ලෝක රාජ්‍ය සමුළුව (WGS) අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඔරකල්
සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහතා සමඟ සාකච්ඡාවකට එක් වී තිබේ .

ආර්ථික සහ පාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, ෆින්ටෙක් සේවා සහ ක්ලවුඩ් යටිතල පහසුකම යොදා ගැනීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වී ඇති බවයි සඳහන් වෙයි .

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා සහාය වීමට ඔරකල් ක්ලවුඩ් යටිතල පහසුකම් (OCI) සැපයීම සඳහා ඔරකල් සමාගම කැමැත්ත පළ කළ අතර, දත්ත ස්වෛරීභාවය සහ නියාමන අනුකූලතාව සහතික කරමින් රජයේ යෙදුම්, විද්‍යුත් පාලන පහසුකම් සහ ජාතික දත්ත පද්ධතියක් සඳහා සත්කාරකත්වය දැරීමටත්, ශ්‍රී ලංකාවේ ස්වෛරී ඔරකල් ක්ලවුඩ්ස් කලාපයක් ස්ථාපිත කිරීමටත් ජනාධිපතිවරයා ඔරකල් සමාගමට ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකාව මුදල් රහිත ආර්ථිකයක් කරා ගමන් කිරිම වේගවත් කිරීම අරමුණු කරගත් ෆින්ටෙක් සහ ඩිජිටල් ගෙවීම් පහසුකම් සඳහා මුලපිරීම පිළිබඳවද
ජනාධිපතිවරයා සහ ඔරකල් විධායක උප සභාපති මයික් සිසිලියා මහතා අතර සාකච්ඡා වුණ බව සඳහන් .

මේ සඳහා කොළඹ වරාය නගරයේ ඩිජිටල්කරණ මධ්‍යස්ථානයක් පිහිටු වීමට ඔරකල් සමාගමට ජනපතිවරයා ආරාධනා කළ අතර, එය දකුණු ආසියා කෘත්‍රිම බුද්ධි‍ය (AI) සහ වලාකුළු (Cloud Hub) මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරනු ලැබෙයි.

ඒ සඳහා කණ්ඩායමක් ලංකාවට එවන මෙන් ජනපතිවරයා මයික් සිසිලියා මහතාගෙන් ඉල්ලා තිබේ.

කලාපීය වශයෙන් වන ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය සඳහා වූ ඔරකල් සමාගමේ දැක්මට අනුකූල වන හෙයින් එහි දකුණු ආසියානු කෘත්‍රිම බුද්ධිය ( AI) සහ වලාකුළු (Cloud) මධ්‍යස්ථානය ලෙස කොළඹ වරාය නගරයේ සිය කාර්යාලයක් පිහිටු වීමට ඔරකල් සමාගම දැඩි උනන්දුවක් පළ කරන බවයි එහි විධායක උප සභාපතිවරයා පැවසුවේ .

මෙය උපායමාර්ගික පියවරක් ලෙස ශ්‍රී ලංකාවට කෘත්‍රිම බුද්ධිය මඟින් ක්‍රියාත්මක වලාකුළු පහසුකමෙහි (AI driven Cloud Solutions) කලාපීය
ප්‍රමුඛයෙකු වීමට අවස්ථාව සලසා තිබේ.

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ අති නවීන තාක්‍ෂණ ආයෝජන සඳහා මෙය පිටිවහලක් වනු ඇති බව සඳහන් .

ඒ අනුව, මෙම සාකච්ඡාවේදී, පාලන කාර්යක්ෂමතාව, ආර්ථික සංවර්ධනය සහ ගෝලීය තරගකාරිත්වය සඳහා නව තාක්‍ෂණය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ අතර, ඔරකල් සමාගමට ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමන ක්‍රියාවලිය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ආරාධනා කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බව සඳහන් .

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….