සරසවි සිසු කර්මාන්ත ව්‍යවසායකත්ව දැවැන්ත වැඩපිළිවෙළ ඇරඹේ

මෙරට විශ්වවිද්‍යාල සිසුන් කර්මාන්ත ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට යොමු කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක සමාරම්භය පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රුහුණු විශ්වවිද්‍යාල සිසුන් කටුබැද්ද කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් සිය ව්‍යවසායකත්ව ප්‍රායෝගික අත්දැකීම් ගැනීමේ ක්ෂේත්‍ර චාරිකාව ආරම්භ කරනු ලැබීය.

රට තුළ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමේ කාර්යභාරයට දායක වීමේ අරමුණින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැඟීමට කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය මේ සරසවි සිසු කර්මාන්ත ව්‍යවසායකත්ව දැවැන්ත වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.

එකී වැඩපිළිවෙළ යටතේ රුහුණු විශ්වවිද්‍යාල සිසුන්ට ව්‍යවසායකත්වය පිළිබඳවත්, ඒ සඳහා ප්‍රායෝගිකව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් මෙහිදී මාර්ගෝපදේශන සහ දැනුම දෙනු ලැබීය.

මෙහිදි අදහස් දක්වමින් ලංකා කාර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙලෙස පැවැසීය.

“කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වයෙන් පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධති කේන්ද්‍ර කරගෙන ව්‍යවසායකත්ව සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ වගකීම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට පැවරී තිබෙනවා. ඒ අනුව සියලුම විශ්වවිද්‍යාල නියෝජනය වන පරිදි මේ කර්මාන්ත ව්‍යවසායකත්ව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි මූලික පියවර රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ආර්ථික විද්‍යා හා කෘෂි ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නවක සරසවි සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් සරසවි සිසු කර්මාන්ත ව්‍යවසායකත්ව වැඩමුළුව න්‍යායිකව සහ ප්‍රායෝගිකව ආරම්භ කළා.

මේ වැඩසටහන යටතේ කර්මාන්ත අංශයේ ව්‍යවසායකත්වයට අවශ්‍ය නිපුණතාවලින් ඔවුන් සන්නද්ධ කරමින්, ඔවුන්ගේ උපාධි අවශ්‍යතා සපුරාලීමට මේ වැඩසටහන නිර්මාණය කර තිබෙනවා. මෙයට ක්ෂේත්‍ර චාරිකාවක් ඇතුළු පුළුල් ප්‍රායෝගික ක්‍රියාකාරකම් මාලාවක සහභාගිවන්නන් නිරත කරනවා. මේ උපායමාර්ගික හවුල්කාරිත්වය ව්‍යවසායක කුසලතා පෝෂණය කිරීමට සහ අධ්‍යාපන විෂයමාලා සැබෑ ලෝකයේ කර්මාන්ත අවශ්‍යතා සමඟ පෙළගස්වාලීමේ සාමූහික උත්සාහයක්. ඒ සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පූර්ණ දායකත්වය දෙමින් මේ රට ආර්ථිකය නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකත්වයෙන් සවිමත් කරනවා. මෙසේ ප්‍රායෝගික අත්දැකීම් සහිතව සිසුන් සවිබල ගැන්වීමෙන් සහ ව්‍යවසායකයන්ගේ සංස්කෘතිය පෝෂණය කිරීමෙන් මේ මුලපිරීම මෙරට කර්මාන්ත අංශයේ තිරසර වර්ධනයක් සහ සෞභාග්‍යයක් ඇති කිරීම ප්‍රධාන අරමුණ වෙනවා.”

මෙහිදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. සමරකෝන්, ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා රේණුකා ජයලත් යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….