සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා

dailyreporter.lk

භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබාදිය යුතු අතර 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම විශ්වවිද්‍යාල සිසුන්ට ද ඉංග්‍රීසි දැනුම ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ, කීර්තිමත් අධ්‍යාපනඥ දිවංගත ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණසමරු උත්සවයට එක් වෙමිනි.

ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණ සමරුව නිමිත්තෙන් “මගේ මංපෙත” ස්වයං චරිතාපදානය ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

විදුහල්පතිවරුන් දහසකට ග්‍රන්ථය පිළිගැන්වීම සංකේතවත් කරමින් දස දෙනකුට ග්‍රන්ථය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙරට අධ්‍යපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ උදෙසා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා සඳහන් කළේ ආර්. අයි. ටී අලස් මහතාගේ ද දැක්ම වු “සැමට අධ්‍යාපනය” ලබාදීමේ වගකීම ඉටුකිරීමට රජය කැපවී සිටින බවයි.

මුදල් නොමැතිකමින් කිසිඳු සිසුවෙකුට උසස් අධ්‍යාපන වරම් අහිමි නොවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා දේපළ විකුණා දරුවන් උසස් අධ්‍යාපනය සඳහා පිට රට යවන යුගයද අවසන් විය යුතු බව පැවසීය.

මෙරට සිසුන්ගේ උසස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නව විශ්වවිද්‍යාල කිහිපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඊට දායක වන පෞද්ගලික අංශයේ සියලුදෙනාට අවශ්‍ය සහය නොඅඩුව ලබාදීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම මේ රටේ සියලු දෙමාපියන්ගේ බලාපොරොත්තුවයි. මෙම අධ්‍යාපනය සිංහල සහ දෙමළ වලට පමණක් සීමා කළ නොහැකියි. ඉංග්‍රීසි භාෂාව මෙන්ම ජපන්, චීන, අරාබි, කොරියන් ආදී සියලු භාෂා දැනුමෙන් අපේ දරුවන් සන්නද්ධ කළ යුතුයි.

රටේ දරුවන්ට ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදීම වෙනුවෙන් 2030 වන විට සැමට ඉංග්‍රීසි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අප මේ වන විට සැලසුම් කර තිබෙනවා. එසේම විශ්වවිද්‍යාල සිසුන්ට ද ඉංග්‍රිසි දැනුම ලබාදීමට කටයුතු කළයුතුයි. ඒ සඳහා ද අවශ්‍ය වැඩපිළිවෙළ අප සකසනවා.

මෙරට උසස් අධ්‍යාපන ක්‍රමය පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අද මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන බව පැවසුවත් උසස් අධ්‍යාපනය සඳහා විශාල පිරිසක් රට හැර යනවා. ලෝකයේ රටවල් රැසක අපේ දරුවන් උසස් අධ්‍යාපන කටුතුවල නිරතවි සිටිනවා. එම රටවල ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමවේදය අපේ රටේද ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළයුතුයි.

නිදහස් අධ්‍යාපනය යනු විශ්වවිද්‍යාලවලට ගෙවීමට මුදල් ලබාදීම කියා ඇතැම් පිරිස් ප්‍රකාශ කරනවා. නමුත් අනෙක් රටවල නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයට නොවෙයි. අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සිසුන්ට සහනදායි ණය මුදල් ලබාදෙනවා. එවිට සිසුවාට අයිතියක් තිබෙනවා තමන් කැමති විශ්වවිද්‍යාලය තෝරා ගැනීමට. අපේ රටේ එය තෝරා දෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්. නමුත් අප කටයුතු කළයුත්තේ ශිෂ්‍යයන්ට අවස්ථාව ලබාදීමටයි. එසේම මුදල් නිසා රටේ දරුවන්ට උසස් අධ්‍යාපන වරම් අහිමි විය යුතු නැහැ.

අප මෙරට විශ්වවිද්‍යාල සංඛ්‍යාව වැඩි කළ යුතුයි. එසේම දැනට තිබෙන විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ඉහළ නැංවිය යුතුයි. විශ්වවිද්‍යාලවලට අවශ්‍ය පහසුකම් ලබාදී වසර 05ක් තුළ එම ප්‍රගතිය ලබා ගැනීමේ ඉලක්කයක් අප ලබා දෙනවා. එවිට එහි අධ්‍යාපනය ලබන සිසුන්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. ඒ වගේම ජෙනරාල් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට සමාන තාක්ෂණ විශ්වවිද්‍යාල 03ක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ සමඟ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අප අවස්ථාව ලබා දෙනවා. මේ පළපුරුද්ද සමඟ නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන ලෙස මම වෛද්‍ය හර්ෂ අලස් මහතාට යෝජනා කරනවා.

මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහනදායි ණයක් ලබා දෙනවා. එවිට ඉඩම් විකුණා දරුවන් උසස් අධ්‍යාපනය සඳහා පිට රට යැවීමට අවශ්‍ය වන්නේ නැහැ. රටේ විශ්වවිද්‍යාල වැඩිවීමත් සමග විදෙස් රටවල සිසුන් ද මෙරටට පැමිණෙනවා.

එසේම ලංකාවෙන් පිටවු දෙමළ ඩයස්පෝරාවට සහ සිංහල ඩයස්පෝරාවට මම කියනවා රට ගැන කැක්කුමක් තිබෙනවා නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස. අලස් මැතිතුමා ඒ සඳහා මාර්ගය පෙන්වා දී තිබෙනවා. රටේ සියලු දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුතුයි. මීට දායකවන පෞද්ගලික අංශයේ සියලුදෙනාට සහාය ලබාදීමට ආණ්ඩුව සූදානම් බවත් මම මෙම අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

මීට වසර 60කට පෙර රාජකීය විද්‍යාලයේ ආදර්ශමත් චරිතයක් අපට හමුවුණා. එතුමා අපට ගුරුවරයෙක්. ආර්.අයි.ටී අලස් මැතිතුමාගේ ජීවන චරිතය අප සියලු දෙනාටම පූර්වාදර්ශයක් වෙනවා. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකළ අධ්‍යාපනඥයකු ලෙස අලස් මැතිතුමාව හඳුන්වන්න පුළුවන්. එතුමාගේ තිබුණ මගපෙන්වීම මත මෙරට පාසල් ආදර්ශමත් පුරවැසියන් නිර්මාණය කිරීමේ කේන්ද්‍රස්ථාන බවට පත්වුණා.

අධ්‍යාපන ක්ෂේත්‍රයට පුරෝගාමී නායකත්වයක් ලබා දීමට එතුමා කටයුතු කළා. රාජකීය විද්‍යාලයට වෙනසක් ඇති කළ අලස් මහතා ඩී එස් සේනානායක විද්‍යාලය බිහි කරමින් දරුවන්ගේ අධ්‍යාපනය නව මගකට යොමු කළා. අධ්‍යාපනයේ මෙන්ම පරිපාලනයේ හසල දැනුමක් අලස් මහතාට තිබුණා. එතුමා සමග පන්ති කාමරයේ මෙන්ම පාසලේ බාහිර කටයුතු වලට ද අප සැම විටම එකතු වුණා.

එතුමා ශිෂ්‍ය භට කණ්ඩායම භාරව සිටින අවධියේ එතුමා සමඟ ළඟින්ම ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා. එහිදී අපට ලැබුණු විනය සහ පුහුණුව ජීවිතයේ සවිමත් කර ගැනීමට ද මග පෙන්වනු ලැබුවා. ගුරු වෘත්තියට තිබෙන ගෞරවයට එතුමා නිසි වටිනාකමක් ලබා දුන්නා.

‍අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,

අද වන විට ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දරුවන් 6,000ක් පමණ සිටිනවා. 1 සිට 13 දක්වා පන්ති කාමර 157ක් තිබෙනවා. එම සියලු පන්ති කාමර සුහුරු පන්ති කාමරයි.

එම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත්කළේ රජයේ මුදල්වලින් නොවෙයි. මුළු පාසලම වයි ෆයි (WIFI) කර තිබෙනවා. මේ සියලු කටයුතු සිදු කළේ අලස් මහතාගේ දුර දක්නා නුවණ නිසයි.

අද මෙම ශාලාව තුළ නව විදුහල්පතිවරුන් නවසියයක් සිටිනවා. ඒ අයට අලස් මැතිතුමාගේ ජීවන අත්දැකීම තමන්ගේ රාජකාරී ජීවිතයට ඉතා වැදගත් වෙනවා. කොවිඩ් වසංගතය සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය නිසා ප්‍රාථමික අධ්‍යාපනය අර්බුදයකට ලක් වී ඇති බව අධ්‍යාපන විශේෂඥයන් පවසනවා. ඒ පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා.

පාසල් අධ්‍යාපනයත් ඩිජිටල්කරණයට ලක් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ලෝකය තාක්ෂණය සමඟ ඉදිරියට යන විට අපේ දරුවන්ගේ අධ්‍යාපනය පමා කිරීම සිදු කරන්න බැහැ. ඒ අනුව අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අප මේ වන විට සිදු කරමින් තිබෙනවා.

2024 පෙළ පොත් සියල්ල මේ වන විට මුද්‍රණය කර අවසන් වී තිබෙනවා. නිල ඇඳුම් පළමු තොගය ලබන මස 31 වනදාට පෙර ලැබෙනවා. පාසල් යන සෑම දරුවකුටම දිවා ආහාරය ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. යුනිස්කෝව සමඟ ඒකාබද්ධව දරුවන් ලක්ෂ අටකට පාසල් පාවහන් ලබාගැනීමට කූපන් පත් නිකුත් කිරීමට කටයුතු කරනවා. අප ‍ මේ සඳහා රජයේ මුදල් පමණක් බලාගෙන සිටියේ නැහැ. ප්‍රංශ රජයේ ආධාර ඇතිව මෙම පාසල් දරුවන්ට පාවහන් ලබාදීම සිදු කරනවා.

කවුරු අධ්‍යාපන ඇමැති වුණත් ඉදිරි වසර 4 තුළදී එම ආධාරය මේ රටට ලැබෙනවා.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….