සිවිල් වරදකරුවන් බන්ධනාගාරයට නොයවා නිවාස අඩස්සියට – නව පනත් කෙටුම්පතක්

සිවිල් දඩුවම් ලැබූ වරදකරුවන් නිවාස අඩස්සි ගත කිරීම පිළිබද පනත් කෙටුම්පත මෙම වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න පවසයි.

බන්ධනාගාරවල පවතින අධික තදබදයට විකල්පයක් වශයෙන් හදුන්වා දෙන නව ක්‍රමය සුළු වැරදි සම්න්ධයෙන් අදා වන බව අමාත්‍යවරයා කීවේය.

යෝජිත මෙම නව වැඩසටහන යටතේ නිවාස අඩස්සිගත කරන වරදකරුවන් GPS තාක්ෂණය මගින් නිරීක්ෂණය කරන බව එම ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා ඇප පනතට මෙම වර්ෂයේදි සංශෝධන එක් කරන බව ද ඔහු පැවසීය.

බන්ධනාගර පද්ධතිය තුළ සිරකරුවන් 13 000ක් රැඳවීමට හැකියාව ඇති නමුත් මේ වන විට එහි 33 000ක් රඳවා ඇතැයි කී අමාත්‍යවරයා ධාරිතාව ඉක්මවා ඇති බැවින් විවිධ ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි ද කීවේය.

යුක්තිය මෙහෙයුම යටතේ දිනපතා දහසකට ආසන්න පිරිසක් පොලිස් භාරයට පත්වන බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන විට බන්ධනාගාර තුළ තදබදය ඉහළ යන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් ගැටුම්, සෞඛ්‍ය ආදී ගැටලු පැන නගින බවත් වරද කරුවන් දඩුවම් කාලය නිම කොට මුදා හැරීම වෙනුවට පුනරුත්තාපනය හා වෘත්තිය පුහුණුව ලබාදීමට ද වැඩසටහනක් සකස් කොට ඇතැයි රාජ්‍ය අමත්‍යවායර කීවේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව රැඳවූව පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය ඇතුළතදී වාර්තාවක් එළිදැක්වෙන බව ද පැවසීය.

ඒ අයුරින් වෘත්තීය පුහුණු අධිකාරිය ඇතුලුව සුදුසුකම් ලත් ආයතන සමඟ එක්ව රැඳවුවන් වෘත්තිය පුහුණුවට යොමු කර දඩුවම් කාලය නිමවූ පසු වෘත්තිකයක් හුරු පුද්ගලයින් ලෙස සමාජයට යොමු කරන බව ද අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….