සෞඛ්‍ය කඩා වැටි තිබෙන අවස්ථාවක උදවු උපකාර එපා කීම ඉතාමත් ශෝචනීය තත්වයක්

මේ රටේ සෞඛ්‍ය සේවාවන් කඩා වැටි තිබෙන අවස්ථාවක සෞඛ්‍ය ඇමති පුද්ගලික අංශයේ උදවු උපකාර එපා කීම ඉතාමත් ශෝචනීය තත්වයක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි.

කොටගල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු මෛත්‍රි ගුණරත්න මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

අපිට පසු ගිය දවස්වල දැන ගන්න ලැබුනා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ත මැතිතුමා ඉතාමත් ශෝචනිය ප්‍රකාශයක් ජනමාධ්‍ය හරහා හා රැස්විමක කතා කරනවා එතුමා කියනවා කතරගම දේවාලයෙන් ලැබෙන මුදල්වලින් සෞඛ්‍ය අංශයට කිසිම උදවුවක් කරන්න එපා කියලා.

අද මේ රටේ සියළුම සෞඛ්‍ය සේවාවන් කඩා වැටිලා තියෙන්නේ සියළුම රෝහල්වල බෙහෙත් හිගයක් තියෙනවා දොස්තරලා අඩුයි නර්ස්ලා අඩුයි ඇමිබියුලන්ස් අඩුයි මෙහෙම තියෙන වකවානුවක තමයි සෞඛ්‍ය ඇමතිතුමා කියන්නේ කිසිම ආධාරයක් එපා කියලා.

එතුමා දන්නවාද කළුතර බෝධියට ලැබෙන සල්ලිවලින් තමයි කළුතර රෝහලට උදවු කරන්නේ මාතර බෝධියට දාන මුදලින් කොටසකින් තමයි මාතර රෝහලට උදවු කරන්නේ අපේක්ෂා රෝහල ගත්තම හැමදාම අපිට දකින්න ලැබෙනනේ එම රෝහලේ නොයෙකුත් උපකරන ක්‍රියා විරහිත වෙලා තියෙනවා ඒවා ආණ්ඩුවට ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. මොහොමඩ් කියලා මහත්මයෙන් කෝටි ගනන් එකතු කරලා අපේක්ෂා රෝහලට උපකරන ලබා දිලා තියෙනවා මෙහෙම තියෙන විට තමයි නලින්ද ජයතිස්ස කියන්නේ කතරගම දෙවියන්ගෙන් එන සල්ලිත් එපා කියලා තිස්තුන් කෝටියක් දෙවියන්ගෙත් සල්ලි එපා ආණ්ඩුවට සල්ලි තියෙනවා මෙය කර ගෙන යන්න කියලා.

ආණ්ඩුවට සල්ලි තියෙනවානම් ඇයි ඔබතුමන්ලා ජනතාවට දුන්න පොරෝන්දු ඉටු නොකරන්නේ ජනතාවට පොරෝන්දු දුන්නා විදුලි බිල සියයට හැටකින් හැත්තැවකින් අඩු කරනවා කියලා ඇයි එය කරන්න බැරි අත්‍යවශය භාණ්ඩ මිල අඩු කරනවා කිව්වා ඇයි එය කරන්න බැරි ඇයි මෙච්චර බොරු කියන්නේ.

ඉස්පිරිතාලවලින් නඩත්තු වෙන්නේ සියයට අසුවක් පමණ ඔබතුමාලාට ඡන්දය දුන්න උදවිය ඇයි ඔබතුමාලාට ඡන්දය දුන්න උදවියට ගහන්නේ ආණ්ඩුව නැති විට දිගින් දිගටම ඔබතුමන්ලා මොනවාද කලේ වැඩ වර්ජන කලා උද්ඝෝෂණ කලා නොයෙකුත් සංවිධාන යොදවලා සෞඛ්‍ය සේවය අකර්මනය කලා මොකක්ද ඒකෙන් වුනේ දුප්පත් මිනිහට ලෙඩට දුකට බෙහෙතක් ගන්න බැරි වුනා බෙහෙත් නැති වුනා දොස්තරලා රට දාලා ගියා මේ වගේ එපා කරපු වැඩ ටික තමයි ඔබතුමන්ලා කලේ.

එහෙම කරලා ඇමති හැටියට ආවට පස්සේ ඔබතුමාට බැරි වෙලා තියෙනවා තාමත් මේ සෞඛ්‍ය කේත්‍රයේ වැඩ ටික හරියට කරන්න මම දන්නවා කාලය කෙටියි කියලා නමුත් මේ වගේ ප්‍රකාශ කරන එකෙන් වෙන්නේ අගතියක් අපේක්ෂා රෝහලට මගේ යාලුවෙක් තාත්තාගේ නමින් නෝමන් වීරසුරිය මහතා නමින් එම රෝහලට එන මිනිසුන්ට ඉන්න හිටින්න තැනක් හදලා දිලා තියෙනවා.

ලෙඩ්ඩු බලන්න එන ඥතින්ට යාහලුවන්ට ඉන්න හිටින්න තැනක් නැහැ පෞද්ගලික අංශයෙන් තමයි මේවා සකස් කරන්නේ එහෙම තියෙද්දි පෞද්ගලික අංශය විසින් දානපතියන් විසින් ආගමික මධ්‍යස්ථාන විසින් යම් කිසි පරිත්‍යාග දෙන කොට ගන්න බැහැ කියන ආණ්ඩුවක් තමයි මේක මේවායින් නඩත්තුවන්නේ කවුද ඔබතුමන්ලාට ඡන්දය දිපු අහිංසක උදවිය ඒක නිසා මේ වගේ ඇමතිවරුන් එක්කද අපි වැඩ කරන්න යන්නේ ඒකයි අපිට තියෙන ප්‍රශ්නය එම නිසා මේ ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්න ඉල්ලා අස් කරගෙන කවුරු හරි මේ රෝහල් දියුණු කරන්න හදනවානම් ඒ අයගේ උදවු අරගෙන මේ රෝහල් දියුණු කරන්න කියන එකයි අපි කියන්නේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….