උප ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ,අන්දුගොඩ නායක හාමුදුරුවෝ

thalpe

අපේ කාලයේ බුද්ධ පුත්‍රයකු වු අපේ අන්දුගොඩ හේමාලංකාර නායක හිමියේ සත්තකින්ම සසුන් කෙත අස්වද්දන්නට අපේ පිනට උපන් හිමිනමකි.බුදුන්ගේ අඩි පාරේ යමින් තෙරුවන් සුරකිමින් රටට,සමාජයට,ආගම,දහමට සිදු කරන මෙහෙවර සත්තකින්ම අගය කළ යුතුව තිබේ.

ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ කීර්ති ශේෂභාවෝපගත වීමෙන් අනතුරුව 1986 ජුනි 06 දින අන්දුගොඩ පුරාණ මහා විහාරය,අලගොඩ පුරාණ මහා විහාරය,කැළණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාමය යන විහාරයන්හි ආධිපත්‍ය උසුලමින් සිටිති.

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා කැප වූ කැළණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාමාධිකාරී පුජ්‍යපාද ඇල්ලලගොඩ නන්දරතන හිමියන් වැනි ශිෂ්‍ය පුත්‍රයින් ද තනමින් තම සතර පේරුවේ දායකකාරාදීන්ගේ කුදුමහත් සියලු ආගමික අවශ්‍යතා මැනවින් ඉටු කරමින් ස්වකීය කාර්යභාරය සිදු කරන උන්වහන්සේගේ ශාසනික,ආගමික,සමාජිය මෙහෙවර අගය කළ යුතුව තිබේ.

ඒ නිසා ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු මහා විහාරපාර්ශවයේ මහානායක ධුරන්ධර අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා ස්වාමින්‍ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශද්වාර්ගික කාරක මහා සංඝ සභාව වෙතින් සාසන කීර්ති ශ්‍රී පඤ්ඤාවාස,ගෞරව නාම සම්මුතිය සහිතව තල්පෙ පත්තුව ඇතුලු මාතර හම්බන්තර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

උක්ත පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය 2022 සැප්තැම්බර් මස 22 දින මහනුවර රාජපූජිත මල්වතු මහා විහාරයේ දී මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

උන්වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය 2022 සැප්තැම්බර් මස 24 දින ප.ව. 2.00 ට ගාල්ල,ඉමදුව,අන්දුගොඩ පුරාණමහා විහාරයේ දී ශ්‍යාවොමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ අනුනායක ධුරන්ධර යක්කල වික්‍රමාරච්චි දේශිය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා සද්ධම්ම ජෝතිධජ සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්‍ෂිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමින්‍ද්‍රයන් වහන්සේ ප්‍රධාන, පළාත්වාසි මහා සංඝ රත්නය සහ දායක දායිකාවනගේ ප්‍රදානත්වයෙන් පැවැත්වේ.

අභිනව නායක ස්වාමින්‍ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය සැලසී යෙහෙන් වැජඹේවා යැයි හදපිරි භක්ති ප්‍රණාමයෙන් ප්‍රාර්ථනා කරමු.

සටහන හා ඡායාරූපය – නිමල් අල්ගෙවත්ත

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….