ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Water_Cut

ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (22) දිනයේ රාත්‍රි 10.00 සිට හෙට (23) උදෑසන 06.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ගම්පහ නගරයේ, ගම්පහ මිරිස්වත්ත මාර්ගයේ හංසගිරි පාර දක්වා කොටස, යක්කල මාර්ගයේ හංසගිරි පාර දක්වා වූ කොටස, ඔරුතොට මාර්ගයේ කළු පාලම දක්වා වූ කොටස, උඩුගම්පල මාර්ගයේ සතොස අසල පාලම දක්වා සහ ජා ඇළ මාර්ගයේ දුම්පරීක්ෂණ මධ්‍යස්ථානය දක්වා වූ කොටස සදහා මෙලෙස ජල කප්පාදුව සිදුවනු ඇත.

ජල නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවිමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts