නිලධාරින් හා බ්‍රෝකර්ලා අඩු මිලට බොරතෙල් ලබා ගැනීමට බාධා කරයි

මැදපෙරදිග තෙල් ඒජන්තවරුන් රුසියාවෙන් ලාබෙට බොරතෙල් ලබා ගැනීමට බාධා පමුණුවන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

රුසියාවෙන් තෙල් ලබාගන්නා ලෙස ඇල්ලේ ගුණවංශ හිමියන් රජයෙන් ඉල්ලා ඇති අතර ජනපති ඊට එකඟ වී තිබිණි.

එහෙත් බලශක්ති බලධාරීන් කොළඹ රුසියානු තානාපති හමුවී බොරතෙල් ලබාගැනීමට ක්‍රියා කර නැත.

රුසියාව ඩොලර් 35ක් අඩුවෙන් බොරතෙල් ලබාදෙන බව ප්‍රකාශ කර තිබිණි.

මේ අතර ඉන්දියාව ඉදිරි මාස 6 සඳහා ද රුසියාවෙන් බොරතෙල් මිලට ගැනීමට ගිවිසුම් අත්සන් කර ඇත.

Related posts