රජයේ නිලධාරීන් සහ මැති ඇමතිලා බයිසිකලයෙන් එයි.. ජනතාවත් බයිසිකලයෙන් එන්න

මැති ඇමැතිවරුන් ද ඉදිරි දිනවල පාපැදියෙන් ගමන් කරනු ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

සතියකට හෝ මසකට දවසක් හෝ මැති ඇමැතිවරුන් පාපැදිය භාවිතා කිරීමේ හැකියාවක් පවතිනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.

දැනටත් ඇතැම් රජයේ නිලධාරීන් සහ මැති ඇමතිලා පාපැදිවලින් තම රාජකාරියට එන බව ද පැවසූ අමාත්‍යවරයා ඔවුන් අගය කිරීම සඳහා වැඩපිළිවෙළක් සූදානම් කරන බවද සඳහන් කළේය.

Related posts