හෙදි විදුහලක් වහයි

closed

ඉන්ධන අර්බූදය හේතුවෙන් වවුනියාව හෙදි විදුහල 1 වැනිදා සිට වසා දැමීමට එහි බලධාරීන් පියවර ගෙන තිබේ. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් සිසුන්ට හා කථිකාචාර්යවරුන්ට සේවයට පැමිණීමට නොහැකි වී ඇති අතර ගැස් හිඟය නිසා වවුනියාව හෙදි විදුහලේ නේවාසික හෙදි සිසුවියන් සඳහා ආහාර පිළියෙළ කිරීම විශාල ගැටලුවක් වී තිබේ.

දිවා කාලයේදී විදුලිය විසන්ධිවීම හෙදි විදුහලේ දේශන පවත්වා ගෙන යෑමට හා සෙසු පාලන කටයුතුවලට බාධාවක් වී ඇති අතර රාත්‍රීයට විදුලිය විසන්ධි වීම නිසා නේවාසික සිසුවියන්ට අධ්‍යයන කටයුතුවල නිරතවීමට හැකියාවක් නොමැති අතර අඳුරේ කාලය ගත කිරීමටද නොහැකි වී තිබේ. මෙම ප්‍රායෝගික හේතූන් මත වවුනියාව හෙදි විදුහල වසා දැමීමට පියවර ගෙන ඇත.

Related posts