AI තාක්ෂණය හා ජනාධිපතිවරණ සටන

දැන් එළැඹ ඇත්තේ පූර්ව ජනාධිපතිවරණ සමයයි. නව තාක්ෂණයේ එනම් කෘතිම බුද්ධිය හෙවත්   බොහෝ අය දන්නා AI තාක්ෂණයේ උපරිම ඵලදායිතාව ඉදිරි මැතිවරණයේදි එළි දැක්වීමට නියමිතය. මෙම  AI තාක්ෂණයේ හොද නරක දෙකම මෙම මැතිවරණයේදි ජයටම බලාගත හැකිවනු ඇත. දැනටමත් විවිධ පක්ෂ ඒ සදහා පියවර ගනිමින් සිටියි. මැතිවරණ ඉතිහාසයේ ඡන්ද දායකයින්ට මේන්ම ඡන්ද අපේක්ෂකයින්ටද  මෙය නව අත්දැකීම් රැසක් ලැබෙන මැතිවරයක් වනු ඇත. එය තවදුරටත් ඓතිහාසික කරමින් AI  තාක්ෂණය ඉහළින්ම යොදාගත් මුල්ම මැතිවරණය මෙන්ම පළමු ජනාධිපතිවරණයද මෙය වනු ඇත.  ‍

AI තාක්ෂණය කරළියට ආ මෑත කාලයේදි ජපානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පාකිස්ථානය, එක්සත් රාජධානිය මෙන්ම ඇමරිකා එක්සත් ජනපද මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදි AI තාක්ෂණය ඉතාම නිර්මාණාත්මකව හා  ඉහළ ගුණාත්මක බවකින් භාවිතයට ගත් අතර   දේශිය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයද  ඒවා ඉහළ ආකර්ශනිය අන්දමින් වාර්තා කර තිබුණි.  ඒ සමගම ඒවායේ හිතකර මෙන්ම අහිතකර විපාක  ගැනද මුලු ලෝකයටම දැකගත හැකිව පැවතුනි.

මැතිවරණ පැවති රටවලට අමතරව ප්‍රතිරෑපයන් සැකසීමට මේම ප්‍රතිරූපයන් විනාශ කීරීමටද AI තාක්ෂණය යොදාගත් අපුරු උදාහරණය අපිට ගෙනාවේ  පෝලන්ත චිත්‍රපට අධ්‍යක්ෂක පැට්‍රික් වේගාගේ පූටින් චිත්‍රපටයෙනි. යුක්රේන සොල්දාදුවන්ගේ ධෛර්යය වැඩි දියුණු කිරීමට ඩීප්ෆේක් තාක්ෂණයෙන් කෘතිමව නිර්මාණය කර තිබුණි.

ලෝකයේ කෙතරම් උදාහරණ තිබුණද දේශියව අපිට මෙම අත්දැකීම තිබුණේ නැති තරම්ය. එළැඹෙන  සැප්තැම්බර් 21 දේශියව පවත්වන  ජනාධිපතිවරණයේදි AI තාක්ෂණය ඉතාම බහුල ලෙස භාවිතයට ගන්නා බව දැනටමත් ඉදිරිපත්වන බවට කියා ඇති අපේක්ෂකයින්ගේ ක්‍රියාපටිපාටි නිරික්ෂණයේදි පෙනීයයි.  AI තාක්ෂණය සම්බන්ධ ආවේණික සංකල්ප පිළිබද අත්දැකීම් දේශියව නොමැති නිසා ජාත්‍යන්තර මැතිවරණ සිදුවීම් විශ්ලේෂණයට  ගතහොත් අහිතකර විය හැකි ප්‍රතිවිපාක ගැන දළ අවබෝධයක් කාටත් ලබාගත හැකිවනු ඇත.

AI තාක්ෂණයේ දේශිය අත්දැකීම්

 දේශියව AI තාක්ෂණය සම්බන්ධ   නවතම සිදුවීම වාර්තා වුයේ ජාතික ජන බල වේලවේගය විසින් ජුලි 27 වැනි දින AI තාක්ෂණය එක් කළ වෙබ් අඩවියක් නිකුත් කළ අතර මෙරටදි මුලින්ම   AI තාක්ෂණය භාවිතා කළ ජනපති අපේක්ෂකයා ලෙසින් අනුර කුමාර දිසානායක පත් වන විට එම පක්ෂය AI තාක්ෂණය භාවිත කළ මුල්ම පක්ෂය ලෙසද පත්වනු ඇත.

රටේ ජනපති රනිල් වික්‍රමසිංහව  ඉලක්ක කර ගනිමින්  AI තාක්ෂණය සම්බන්ධ වීඩියෝවක් නිකුත් ව තිබුණේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමටද දින ගනණාවකට පෙරය. රටේ ජනාධිපති ලෙසින්  ඔහු විශ්ව විද්‍යාල සිසුන් හා ආචාර්යවරුන්   AI තාක්ෂණය අධ්‍යාපනයට යොදා ගැනීම ගැන කරන පර්යේෂණ ගැන සොයා බලා අදහස් පළ කළේද මෑතකය. තොරතුරු තාක්ෂණය සම්බන්ධ  ලංකාව කළ වරද නැවත නොකරන බව කියමින් ඔහු AI තාක්ෂණයට එසේ නොවිය යුතු බවද කීවේය.  එපමණක් නොව AI තාක්ෂණය දේශියව නැංවිය යුතු බව ප්‍රකාශ පත් කිරීම හරහා  AI තාක්ෂණයට අධ්‍යාපනයෙන් වැඩි ඉඩක් ලබාදීම පිළිබදවද යෝජනා විමසීම නුදුරේදි AI තාක්ෂණයට රටේ ඇති ඉඩකඩ පිලිබද ඉගියකුත් ලැබුනි.

AI තාක්ෂණය කියන තරම් බිල්ලෙක්ද

යම් අපේක්ෂකයකුගේ පෞරුෂය වැඩි දියුණු කිරීමට මෙන්ම විනාශ කිරිමටද AI තාක්ෂණයට හැකිය. ඒ හැකියාව ගැන  හොදම උදාහරණය පුටින් චිත්‍රපටියයි.  ඒ අනුව මේ මැතිවරණයේදි AI තාක්ෂණය ගැන අපිට සාධාරණ  බියක් ඇති වන්නේ මේ අනුවය‍.

යම් අපේක්ෂකයකුට  ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩුවන ආකාරයේ ප්‍රකාශයක් මැතිවරණයට පෙරදින AI තාක්ෂණය හරහා සමාජ මාධ්‍ය වලින් ප්‍රකාශයට පත්වුවහොත් කුමක් වේවිදැයි අපි දැනටමත් දනිමු.  මැතිවරණයට අදාළ මාධ්‍ය උපමානවලදි සමාජ මාධ්‍ය කෙරේ ඇතිකළ හැකි බලපෑම අඩු නිසා මෙය මෙම මැතිවරණයේදි  මෙය තදින්ම බලපානු ඇත. කොටින්ම මේවා නියාමනයට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබද අපහට නීති අණපණත්  පත් තියා අදාළ තාක්ෂණික දැනුම හෝ පහසුකම්වත් අපේ රටේ රාජ්‍ය අංශයේ නොමැති නිසා එවන් දෙයක් ගැන පරික්ෂණ කිරිමට කාලයක් ගතවනු ඇත. එයටද දීර්ඝ විමර්ශන පැවැත්විය යුතුය. එවිට වෙනත් ජනාධිපතිවරයකු තේරි පත්ව  අවසානය. එහි සත්‍යතාව හෙළිදරව් වුවද නව ජනාධිපතිවරයා එය පිළිගැනීමට අකැමති වනු ඇත.

හොර ඡන්ද පෙට්ටි දැමීම හෝ ඡන්ද පෙට්ටි සොරකම් කිරිම හෝ 2010 පනාධිපතිවරණයෙන් පසුව දී සෝමවංශ අමරසිංහලා ප්‍රකාශ   කළ පරිදි කොම්පියුටර් ජිල්මාට් යන්නේ නියම තේරුම එළිදරව් වන්නේ මෙම Deepfake තාක්ෂණයෙන් ප්‍රතිපලයට කරන බලපෑම් අනුවය.

Deepfake තාක්ෂණයෙන් එවන් දේවල් සිදුවනු අනිවාර්ය බව වෙනත් රටවල උදාහරණ වලදී අපිට පැහැදිලිවම පෙනීයන නිසා අපේ රටේ සිටිනා පරිගණක පිළිබද වැඩ්ඩන්ගේ දැනුම අවතක්සේරු නොකර තාක්කල්  අපිට ඒ සම්බන්ධ අනියත බියක් ඇතිවීම සාධාරණය. එවන් Deepfake තාක්ෂණයෙන් යම් අපේක්ෂකයකුට අවාසි සහගත වන වීඩියෝවක් මුදාහැරි පසු ජනමතයට විශාල බලපෑමක් සිදුව   ඡන්ද ප්‍රමාණය අඩුවුවහොත්  ඒවාට නඩු පැවරිමේ හැකියාවද පවතින්නේ අල්ප වශයෙනි. Deepfake තාක්ෂණයෙන් හෝ පාකිස්ථානයේ ඉම්රාන් ඛාන්ගෙ AI තාක්ෂණයට හැදු වීඩියෝවට ලද ප්‍රතිචාර හමුවේ ඇති කළ වෙනස  අනුව අප සියලු දෙනා රැවටීම සිදුවිය හැකි අතර මෙම ජනාධිපතිවරණයේදි රටේ සෑම පුරවැසියකුම මෙම AI තාක්ෂණික බලපෑමට දැනුවත්ව හෝ නොදැනුවත්ව හසුවනු ඇත.

පුෂ්පා වීරසේකර

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….