“API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය – 2023” නොවැම්බර් 16 වන දා කොළඹ දී

FinTech API Asia Conference 2023 DIGIECON Sri Lanka 2023 – 2030

ඩිජිටල් ආර්ථිකයක තීරණාත්මක කුලුනු තුනක් වන කෘත්‍රීම බුද්ධිය (AI), ස්මාර්ට් නගර සහ මූල්‍ය තාක්‍ෂණය (FinTech) කෙරෙහි අවධානය යොමු කෙරෙන “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” නොවැම්බර් මස 16 වන දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

‘ඩිජිටල් ආර්ථිකයකට උත්ප්‍රේරකයක් සැපයීම’ යන තේමාව ඔස්සේ වෘත්තිකයන් 500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනය (FITIS) විසින් සංවිධානය කරනු ලබන අතර මෙම සම්මන්ත්‍රණය මෙරට දී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන “DIGIECON Sri Lanka 2023 – 2030” වැඩසටහනට සමගාමීව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීම විශේෂත්වයක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

“API Asia Conference 2023” නිල වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන වැඩපිළිවෙළේදී මෙම සමුළුව මඟින් ලැබෙන දායකත්වය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ආසියා පැසිෆික් කලාපයේ විද්වතුන් සහභාගී වන මෙම සමුළුවේ දී ඩිජිටල් පරිවර්තනය හරහා ඉහළ තරගකාරීත්වයක් සහිත වෙළෙඳපොළට ප්‍රවේශවීම සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩිදියුණු කර ගැනීමට අදාළ අදහස් හුවමාරු කර ගැනීමට ද අපේක්ෂිත බව සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) සභාපති ඉන්දික ද සොයිසා මහතා තාක්‍ෂණික ඒකාබද්ධතාව, මූල්‍ය කළමනාකරණය සහ තිරසාර සංවර්ධනයේ වැදගත්කම මෙන්ම තාක්‍ෂණ මූල්‍ය කළමනාකරණය සහ වර්ධනය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේදී ආයතනික විධායකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව කරුණු අවධාරණය කළේය.

ව්‍යාපාර ප්‍රගතිය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරන නවතම ප්‍රවණතා, හොඳම භාවිතයන් සහ නව්‍ය API (යෙදුම් ක්‍රමලේඛන අතුරු මුහුණත) භාවිත අවස්ථා පිළිබඳ වටිනා අවබෝධයක් මෙම සමුළුව මඟින් සපයනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

API Asia Conference 2023 හි සම සභාපති සංජය දයානන්ද මහතා අදහස් දක්වමින් ආයතනවල ඩිජිටල් පරිවර්තන ප්‍රයත්නයන් සඳහා API අත්‍යවශ්‍ය බවත්, සමාජය සහ ව්‍යවසාය සේවා හරහා API හි පුළුල් බලපෑම සම්බන්ධවත් කරුණු පැහැදිලි කළේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….