watercut

පවතින වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීමට බාධා මතුව තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, කුරුණෑගල, අක්කරෙයිපත්තු, බණ්ඩාරවෙල, යාපනය යන ප්‍රදේශවල ජල මට්ටම ඉතා අඩු මට්ටමක පවතින බවයි.

මේ වනවිට එම ප්‍රදේශවලට පවතින පරිදි ජලය නිදහස් කරන බව මණ්ඩලය සඳහන් කළේ ය.

එහෙත්, ඉදිරියේදී පවතින ජල ධාරිතාව අඩුවුවහොත්, ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතවිය හැකි බව මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් සතියකට වරක් ජල මට්ටම් අධීක්ෂණය කිරීමක් ද සිදු වේ.

ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම්දෙන්නේ, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.

Similar Posts