pandam-virodaya

‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් මොරටුව,කටුබැද්ද මංසන්ධියේදී පැවැත්විණි.

ජීවන වියදම අඩු කරනු, මැතිවරණයක් පවත්වනු යන ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගෙන පන්දම් අතින් ගෙන ඔවුහු මෙම විරෝධතාවය දැක්වූහ.

තරුණ සංගමේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර මහතාගේ නායකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට මොරටුව නාගරික මන්ත්‍රී කණ්ඩායම සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Similar Posts