colombo to kandy train

අයහපත් කාලගුණ තත්වයෙන් දුම්රිය මාර්ගයට හානිවීම නිසා උඩරට මාර්ගයේ කොළඹ කොටුව – මහනුවර දුම්රිය ගමන් වාර 8 ක් නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථනය අතර දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක් නායයෑමට ලක්ව කඩිගමුව දුම්රිය ස්ථානයේ කොටසක් ද නායයෑමට ලක්ව ඇති බවත් ඉහළ කෝට්ටේ සහ බලන යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ කොටස් කිහිපයක් නායයෑමට ලක්ව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

colombo to kandy train

 

Similar Posts