IMF විදේශ විනිමය සංචිත අර්බුදයට සහනයක් පමණයි

imf

අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන්නේ විදේශ විනිමය සංචිත අර්බුදයට සහනයක් ලෙස බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ අනුව එම මුදලින් ඉන්ධන, ගෑස් හෝ ආහාර පාන ආනයනය කළ නොහැකි බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න පැවසුවේ.

ආර්ථික අර්බුදය විසදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන එම මුදල ප්‍රමාණවත් නොමැති බවත්, ඒ සඳහා විදේශ විනිමය ඉපැයීමේ ක්‍රමෝපායන් සකස් කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවන බවත් මහාචාර්ය සිරිමල් අබේරත්න පැවසුවා.

Related posts