rt-pcr

පිටස්තර ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයට පැමිණෙන පුද්ගලයන් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 වසංගත තත්වයෙන් මුදා ගැනිම සදහා පිටස්තර ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයට පැමිනෙන පුද්ගලයන් මෙසේ පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත්ය.

මේ වන විට හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් 19 වසංගතය පාලනයට ලක් කර ඇති බවත් එහෙත් විවිධ ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයට පැමිනෙන පුද්ගලයන්ගෙන් නැවත මෙම ප්‍රදේශය තුල කොවිඩ් 19 පැතිරයාමේ අවානමක් පවතින බැවින් හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත මෙසේ පිටස්තරින් පැමිනෙන පුද්ගලයන් පි. සි. ආර්. පරික්ෂාවට ලක් කිරිම සිදු කරන බවත්ය.

මෙම ප්‍රදේශය තුල කොවිඩ් 19 චසංගතයෙන් තොර කලාපයක් බවට පත් කිරිම සදහා මෙම ප්‍රදේශයේ සියලුම දෙනාගේ මෙන්ම මෙම ප්‍රදේශයට විවිධ ප්‍රදේශවලින් පැමිනෙන සියලුම දෙනාගේ සහාය අවශ්‍ය බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts