ආසියාවේ දෙවන වයස්ගතම කාන්තාව වන දොඩම්ගොඩ ,ක්ලෝඩන් වත්තේ පදිංචි වේලු පාප්පානි නිවසේදී ඇද වැටීමෙන් කළුතර නාගොඩ මහ රෝහලට ඇතුලත්කර ශල්‍යකර්මයකින් පසුව සුවය ලබමින් සිටින්නීය.

වසය අවුරුදු 117 යි මාස හයක් වයස පාප්පානි දකුණු ආසියාවෙි දෙවැනි වයස්ගතම කාන්තාව වේ.

දින කීපයකට පෙර රෝහල්ගතකළ පාප්පානිගේ පාදයක් බිදීමෙන් ඒ සදහා ශල්‍යකර්මයක් සිදුකර මේ වන විට සුවය ලබන බව අැයව රැකබලා ගන්නා තංගයියා මහතා කීවේය.

කළුතර දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා රෝහලට පැමිණ අවශ්‍ය කටයුතු සොයා බැලීමෙන් පසු ඇයට රෝහල් සත්කාර වැඩිවූ බවද ඇගේ සාත්තුවට සිටින මහ ලෙච්චමී කීවාය.

දින කීපයකින් පසු රෝහලෙන් පිටව යාමටද හැකිවෙතැයි රෝහල් සේවකයෙකු කීවේය.

ආසියාවේ දෙවන වයස්ගතම කාන්තාව ඉටිකොළ ගැසු මඩුවක දිවි ගෙවන බව පසුගිය ඔක්තෝම්බර් පළමුදින අරුණ පුවත්පත මගින් හෙළි කලේය.

ඒ පිළිබද අවධානය යොමුකළ සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා ඇයට නව නිවසක් තනා දීමට පොරොන්දුවිය. මේවන විට එම නිවසේ ඉදිකිරීම් අවසාන මට්ටමට පැමිණ ඇති අයුරුද දැක ගතහැකිය.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts