දිස්ත්‍රික් 08කට නාය යෑමේ අනතුරු ඇඟවීම්

nayayam

දිස්ත්‍රික්ක 08කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව කෑගල්ල, රත්නපුර, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, මාතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ජනතාව නායයාම් ලක්ෂණ පිළිබද දැඩි අවධානයෙන් කටයුතු කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිල මහතා සදහන් කලේ ගංගා කිහිපයකම ජලමට්ටම් මේ වන විට ඉහළ ගොස් ඇති බවයි.

 

Related posts