2023

ඉදිරි වසර මීට වඩා අර්බුදකාරී විය හැකි බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

“මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න එන්න එන්ම වැඩිවෙනවා. හැබැයි ඉතින් මේක ලෝකයේ අනිත් රටවලටත් බලපාලා තියෙනවා. නමුත් ඊට වඩා ලංකාවේ තත්ත්වය උග්‍රයි. ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණ ආධාර තවම අපිට ලැබිලා නැහැ. ඒ නිසා ඉදිරි අවුරුද්ද මීටත් වැඩිය අමාරු තත්ත්වයක තමයි ජීවත් වෙන්න වෙන්නේ. හිටපු නායකයා සහ හිටපු නායකයින් සියලුදෙනාම අපි ඇතුළු මේකට වගකියන්න ඕනේ. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කරන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තායට පුළුවන්කම තිබුණත් එතුමාට ඒක කරන්න දෙන්නේ නැහැ පොහොට්ටුවේ ඉන්න රාජපක්ෂ පාලකයෝ. ඒකෙන් තමයි ඒයා පස්ස බිම ඇනගන්නේ.”

“රාජපක්ෂලාටනම් නැඟිටින්න අමාරුයි. මම ඒක පැහැදිලිවම කියනවා. මොකද මහජනතාව කලකිරිලා තියෙන්නේ. මහජනතාව රාජපක්ෂලා පිළිගන්නේ නැහැ. නාවලපිටියේ මහින්දානන්ද මහත්තයා විශාල සංඛ්‍යාවකට රස්සාවල්දීලා තියෙනවා.”

Similar Posts