අද පැය 12ක ජල කප්පාදුවක්

Water_Cut

පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (28) රාත්‍රී 10 සිට හෙට (29) උදෑසන 10 තෙක් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත් හිටවෙනු ඇති.

කොළඹ 02,03,04,05,07,08 සහ 10 යන ප්‍රදේශවලට මෙම කාලසීමාව තුළ ජල සැපයීම නතරවන අතර, කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙනුයි ජල කප්පාදුව සිදු වන්නේ.

Related posts