elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට  බෝංචි ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 380ත් 400ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 700ත් 750ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 500ත් 600ත්, පතෝල ක්‍රිලොව රුපියල් 400ත් 440ත්, බංඩක්කා ක්‍රිලෝව රුපියල් 320ත් 360ත්, බිට් ක්‍රිලෝව 300ත් 340ත්, වට්ටක්කා ක්‍රිලෝව රුපියල් රුපියල් 140ත් 150ත් අතර මිලකට අලෙවි වනු ඇත.

එලවළු මිල මෙසේ ඉහළ යාමත් සමග තමන්ට එළවළු මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් එම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන එළවළු වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහල බැස තිබුනද මෙම ප්‍රදේශයට එළවළු ප්‍රවාහනය කිරිමේදි ඇති වන ප්‍රවාහන ගාස්තු ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories