ICCPR පනත යටතේ අත්අඩංගුවට පත්වූවන් කවුද?

dailyreporter.lk

1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පාර්ශවකරුවකු ලෙස ශ්‍රී ලංකාව ද එක්විය.

1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම පාර්ලිමේන්තුව විසින් පනවන ලද වෙනත් නීතිවලට ද ව්‍යවස්ථාමය පිළිගැනිමක් ලබා දීම සිදුව තිබේ.

2007 වර්ෂයේ සිට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) මෙරට ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් නොවන මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙම පනත හරහා අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුව සුළුතර ජාතීන් පීඩාවට පත් කිරීමට මෙන්ම ආණ්ඩු විරෝධීන් මර්දනය සඳහා මෙම පනත යොදා ගන්නා බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල ද චෝදනාවට ලක්ව ඇත.

මෙම පනත යටතේ ගැනෙන වරදකට වරදකරු බව මහාධිකරණ නඩු විභාගයකින් පසු ඔප්පු වුවහොත් වරදකරු අවුරුදු 10කට නොවැඩි දඬුවමකට ලක් කළ හැකිය.

ICCPR පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩු විභාග අවසන් වන තෙක් ඇප ලබාදිය නොහැකි අතර සුවිශේෂ තත්ත්වයන් යටතේ මහාධිකරණයට පමණක් ඇප ලබා දීමේ හැකියාව පවතී.

අත්අඩංගුවට පත්වූවන් කවුද?
ලේඛක ශක්තික සත්කුමාර

මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඇති මෙම පනත යොදා ගනිමින් මෙරට දී අත්අඩංගුවට ගත් මුල්ම තැනැත්තා ලෙස සඳහන් වන්නේ ලේඛකයකු වන ශක්තික සත්කුමාර ය.

භික්ෂූන් පිරිසක් කළ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගනු ලැබු අතර “අර්ධ” නමින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද කෙටි කතාවක අඩංගු කරුණු මහජන කැළඹීමකට හේතු විය හැකි බව ශක්තිකට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

අත්අඩංගුවට ගෙන දින 130 ක කාලයක් බන්ධනාගාර ගතව සිටීමෙන් පසු ඔහුට ඇප මත මුදා හරිනු ලැබුවේ 2019 අගෝස්තු 08 දිනය.

ලේඛක ශක්තික සත්කුමාරට එරෙහි නඩුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී 2021 පෙබරවාරි මස 9 වනදා විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා විසින් අධිකරණය වෙත යොමු කළ වාර්තා සලකා බැලු මහෙස්ත්‍රාත් අධිකරණය හෙතෙම එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.

ශ්‍රී ලංකාවේ ‘ICCPR’ පනත යටතේ අත්අඩංගුවට ගත් ශක්තික සහ ෆාතිමා
රහීම් මසාහිනා

2019 වසරේ මැයි මාසයේ දී 47 හැවිරිදි රහීම් මසාහිනා හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලද්දේ ඇගේ කෆ්තාන් ඇඳුමේ පින්තාරු කොට ඇත්තේ ධර්මචක්‍ර සංකේතයක් බව පවසමිනි.

එය බෞද්ධ සංකේතයකට අපහාස කිරීමක් බවට චෝදනා නගා තිබු අතර චෝදනා ගොනු කොට තිබුණේ ICCPR පනත යොදා ගනිමිනි.

රම්සි රසීක්

විශ්‍රාමික රජයේ නිලධාරියකු වන රම්සි රසීක් 2020 අප්‍රේල් 9 වැනිදා රහස් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කරන සකලාකාරයේ ජාතිවාදය පිටු දැකීමට “මතවාදී ජිහාඩයක් (අරගලයක්)” කළ යුතු බවට ඔහු විසින් අප්‍රේල් මුලදී පළ කරන ලද සටහනක් පදනම් කොටගෙනය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත යොදා ගනිමින් රම්සි රසීක් මාස 05කට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබුණ අතර 2020 සැප්තැම්බර් මාසයේදී ඔහුව ඇප මත මුදාහරින ලදී.

ෆාසල් මුහම්මද් නිසාර්

වෙබ් අඩවියක ලේඛකයකු වන ෆාසල් මුහම්මද් නිසාර් ද 2021 ජනවාරි මාසයේ දී ICCPR පනත යොදා ගනිමින් අත්අඩංගුවට ගන්නා ලදී.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ 2023 පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යොදා ගනිමිනි.

මහනුවර ශ්‍රී දළදා මාළිගය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබු අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සේපාල් අමරසිංහ විසින් දැනුම්දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුත්ත අවසන් කිරීමට අධිකරණය තීන්දු කළේය.

ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය

ප්‍රහසන ප්‍රසංගයක දී බුදු දහමට අපහාස කළ බවට චෝදනා කරමින් ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය මැයි මස 28 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යොදා ගනිමින් ඇයට චෝදනා ගොනු කර ඇති අතර ඇයව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජුනි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කෙසේවෙතත් වසර කිහිපයක් තිස්සේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යොදා ගනිමින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණ ද මෙතෙක් කිසිවකුත් එම පනත යොදා ගනිමින් දඬුවමට ලක් කිරීමට හැකිව නැත.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….