imf

ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබාදීම සඳහා ශ්‍රී ලංකාව සමග කටයුතු කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසද ශ්‍රී ලංකාවේ වංචා සහ දුෂණ සිදු වූ බවට පිළිගෙන වංචා සහ දූෂණ නැවත ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසද ඉල්ලීමක් කළහ.

මේ හේතුවෙන් ඇතැම් බටහිර රාජ්‍යන් දේශපාලකයන්ගේ සාක්කු වලට ආධාර යෑම වැළැක්වීම සදහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන හරහා ශ්‍රී ලංකාවට ආධාර කිරීමට පියවර ගෙන ඇත.

එබැවින්, ශ්‍රී ලංකාව දේශපාලන ව්‍යාපාරයක ගොදුරක් බවට පත් වී ඇතැයි චෝදනා කරනවාට වඩා දේශපාලන නායකත්වයන් කළ යුත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ ප්‍රතිඵලය ගැන සම්පුර්ණයෙන් නැවත සිතා බැලීම බවද විශ්ලේෂකයෝ පැවසූහ.

මානව හිමිකම් කවුන්සිලයේ පැවති ඡන්ද විමසීමකින් ශ්‍රී ලංකාව ලැබූ දරුණුතම පරාජය මෙය බවත් විවිධ හේතු මත, ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දීමෙන් මිත්‍ර රටවල් වැළකී සිටි බවත් විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.

Similar Posts