කිතුල් කර්මාන්තය අනතුරේ

කිතුල් පැණි හා හකුරු නිෂ්පාදනයෙහිලා නකල්ස් දුම්බර මිටියාවතේ පිහිටි උඩුදුම්බර කළුගල ගම්මානයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

එනමුත් මෑතක සිට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීමෙන් තමන්ගේ කර්මාන්තය පවත්වා ගැනීම අසීරු තත්ත්වයට පත්ව ඇතැයි කළුගල ගම්මානයේ සාම්ප්‍රදායික කිතුල් ආශ්‍රිත නිෂ්පාදකයන් පවසති.

උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති දුෂ්කර ගම්මානයක් වන කළුගල ගම්මානය උඩුදුම්බර සිට කිලෝමීටර් දහතුනක් පමණ දුරින් පිහිටි දුම්බර නකල්ස් රක්ෂිතය පාමුල පිහිටි ගම්මානයකි.

කිතුල් ගස් විශාල ප්‍රමාණයකින් සමන්විත මෙම ගම්මානයේ ජනතාව පාරම්පරිකව ජීවත් වන්නේ එම කාර්මාන්තය සහ  වී ගොවිතැන ආශ්‍රිතව ය.

යල මහ දෙකන්නයම වී වගා කළත් යළ කන්නයේදී ජලය ප්‍රමාණවත් නොවීම ඔවුන් සෑම අවස්ථාවකම මුහුණදෙන ගැටලුවකි. නමුත් වසරේ සෑම දිනකම කිතුල් කර්මාන්තය පදනම් කර ගනිමින් ජීවත් වීම ඔවුන් විසින් සිදු කරති.

එලෙස එම කර්මාන්තයේ ජීවත්වන පවුල් ප්‍රමාණය තුන්සියයකට අධික වේ. පැණි සහ හකුරු නිෂ්පාදනය ඔවුන් විසින් සිදු කළත් තමන්ගේ නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් මිලක් හිමි නොවන බව ඔවුන් කියති.

තමන්ගේ ගම්මානයට පැමිණෙන වෙළෙන්දන් රුපියල් තුන්සියයත් පන්සියයත් අතර මිලකට තමන්ගෙන් පැණි බෝතලයක් ලබාගන්නා නමුත් ඔවුන් එය අලෙවි කරන්නේ රුපියල් අටසියයත් දහසත් අතර   මුදලකට යැයි කියන නිෂ්පාදකයන් තමන්ට සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් කර්මාන්තය පවත්වා ගැනීම අසීරුතාවයට පත්ව ඇතැයි කියති.

පිට ප්‍රදේශවල සිට නිරන්තරයෙන් වෙළෙන්දන් අපේ ගමට එනවා. නමුත් පැණි හා හකුරු මිලදී ගන්නේ ඉතාම අඩු මිලකට. ඇතැම් විට අපිට නිෂ්පාදන වියදමවත් සොයා ගන්න අසීරුයි යැයි පාරම්පරික කිතුල් පැණි නිෂ්පාදකයෙකු වන ඩිංගිරි බණ්ඩා (63) මහතා පැවසීය.

කොතරම් වෙහෙස මහන්සි වී මෙම නිෂ්පාදන සිදු කළත් මසකට රුපියල් විසිදහසකවත් ආදායමක් ලබා ගැනීම නොහැකි වී ඇතැයි ඔවුන් කියති.

පැණි නිෂ්පාදන කුටි සකස් කිරීම සඳහා රජයෙන් ආධාර ලබාදී ඇති අතර නිෂ්පාදකයන් ඉල්ලා සිටින්නේ පැණි සහ කිතුල් හකුරු අලෙවි කිරීම සඳහා යම් සාධාරණ සම්බන්ධීකරණයක්  ලබා දී සිය නිෂ්පාදන සඳහා මිලක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

කොරෝනා වසංගත සමයේදී නිෂ්පාදන අලෙවිකර ගැනීම මහත් අර්බුදයක් වුණු බවත් අද වන විට අලෙවිය ඉහළ ගොස් ඇති නමුත් තමන්ට ප්‍රමාණවත් ආදායමක් හිමි නොවන බව ඔවුන් කියති.

කිතුල් හකුරු හා පැණි ආශිතව නිෂ්පාදනයේ නියුතු ශ්‍රියානි රම්‍යලතා (33) මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.

දෙමාපියන්ගෙන් පසු අපි වසර කිහිපයක් මෙම කර්මාන්තයේ නිරත වෙනවා. මේ ප්‍රදේශයට හමන අධික සුළං සහිත වැස්ස නිසා කිතුල් නිෂ්පාදන නිශාල වශයෙන් අඩු වෙනවා. නමුත් දැන් වසර කිහිපයක සිට ගමට පැමිණෙන රිලවුන් අපේ නිෂ්පාදන සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. කිතුල් මලෙහි බැදි මුට්ටිය සතුන් විසින් බිම දමා කඩනවා. මේ නිසාත් අපේ පැණි හා හකුරු නිෂ්පාදනය විශාල වශයෙන් අඩුවී ඇතැයි ඇය කීවාය.

වසර තිහක කාලයක් කිතුල් පැණි මැදීම සිදුකරන කේ.කේ.එම්.රංබණ්ඩා මහතා මෙසේ කීය.

අපිට තිබෙන ලොකුම ගැටලුවක් වන්නේ රිලවුන්ගෙන් සිදුවන උවදුරයි. කිසිම අවස්ථාවක මුට්ටියක් බේරා ගන්න බැහැ. අපි වත්තෙන් පොඩ්ඩක් ඉවත්වුණොත් රංචු පිටින් ඇවිල්ලා තෙලිජ්ජ මුට්ටිය ගලවා බිම දානවා. අපි පොලීතීන්, ගෝනි උර වලින් මුට්ටිය වසා කම්බි බැදලා තමයි ආරක්ෂා කර ගන්නේ.

කිතුල් පැණි හා හකුරු නිෂ්පාදනයේ නියුතු සීතා කුමාරි (36) මහත්මිය මෙසේ කීවාය. 

අපි මහත් අසීරුවෙන් තමයි පැණි බෝතලයක් නිෂ්පාදනය කර ගන්නේ. නමුත් වෙළෙන්දන් පැමිණ පැණි ලෙවකා බලා පැණිවලට වතුර දාලා තියෙනවා, පැණි කර වෙලා වැඩියි වැනි දේ කියමින් අඩු මිලට අපේ පැණි අරන් යනවා. ඇත්තමට අපිට කවදාවත් සාධාරණ මුදලක් ලැබෙන්නේ නැහැ. අපිට පැණි සකස් කරන කුටි ඉදිකර දීමට ආණ්ඩුව උදව් කර තිබුණත් සාධාරණ ආදායමක් ලැබෙන වෙළඳපොලක් සකස් කර ගැනීස සඳහා කිසිදු උපකාරයක් නැහැ. අපි ඉල්ලා සිටින්නේ අපේ මේ කර්මාන්තය රැක ගැනීම සඳහා ආණ්ඩුවේ මැදිහත්වීමක් සිදුකරන ලෙසයි.

පරම්පාර කිහිපයක් තිස්සේ පැණි හා හකුරු නිෂ්පාදනය කරන කළුගල ගම්මාසීන්ගෙන් තරුණ පරපුර වර්තමානයේ දී එම කර්මාන්තයෙන් ඉවත්වෙමින් සිටින බව ගම්මූන් කියති. සාධාරණ මිලක් නොලැබීම මෙන්ම රක්ෂිත යාබද පිහිටි ගම්මනායේ කිතුල් කර්මාන්තය කිරීමේ දී වන සංරක්ෂණ නිලධාරීන්ගේ ගැහැටවලට මුහුණදීමට සිදුවන බව ද ඔවුන් කියති.

නමුත් අලුත් අණ්ඩුව දේශීය කර්මාන්ත දිරි ගැනීවීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බැවින් දුම්බර නකල්ස් මිටියාවතේ පාරම්පරික කිතුල් නිෂ්පාදකයා රැක ගැනීමට මැදිහත්වන ලෙස ඔවුන් අදාල මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිති.

නදීක දයා බණ්ඩාර –  මහනුවර

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….